අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ෆ්ලයිස්මයිල්ස් Abans සමඟ අත්වැල් බැඳ ගනී

    අගෝස්තු 26, 2014

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිරන්තර පියාසර කරන්නන්ගේ වැඩසටහන වන ෆ්ලයිස්මයිල්ස් (FlySmiLes) ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ නිෂ්පාදනයන් සඳහා ප්‍රමුඛතම නාමයක් වන අබාන්ස් (Abans) සමඟ පසුගියදා අත්වැල් බැඳ ගන්නා ලදී.
     
    මෙම නව සම්බන්ධතාවය හරහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ෆ්ලයිස්මයිල්ස් සාමාජිකයන්ට අබාන්ස් හි ප්‍රතිලාභ සහ දීමනා අත්විඳීමට අවස්ථාව සැලසේ. එනම් ෆ්ලයිස්මයිල්ස් සාමාජිකයින් ට දිවයින පුරා ඇති අබාන්ස් ප්‍රදර්ශනාගාර 400කින් භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව පවතී. එසේම අබාන්ස් හීදී වැයවන සෑම රුපියල් 100කට ම මයිල්ස් එකක් ලබා ගැනීමට ෆ්ලයිස්මයිල්ස් සාමාජිකයන්ට අවස්ථාව හිමිවේ.
     
    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වාණිජ අංශ ප්‍රධානී මොහොමඩ් ෆසීල් මහතා පැවසුවේ, අබාන්ස් සමඟ ඇති කර ගත් මෙම නව සම්බන්ධතාව හරහා නව ප්‍රතිලාභ ලබාදෙමින් සිය සාමාජික ජාලය වර්ධනය කිරීමට අවස්ථාව උදා වන බවයි. එසේම අපගේ ෆ්ලයිස්මයිල්ස් සාමාජිකයන්ට වන්වර්ල්ඩ් සමඟ එක්ව දැන් රටවල් 150ක අයත් ගමනාන්ත 1000කට සංචාරය කිරීමේ පහසුකම් හිමිව ඇති බවද හෙතෙම පැවසීය. එසේම මෙරට වෙළඳපොළ නායකයින් වන අබාන්ස් සමඟ ඇති කර ගත් සහයෝගීත්වය හරහා අපගේ ෆ්ලයිස්මයිල්ස් සාමාජිකයන්ට තවදුරටත් අගනා ප්‍රතිඵල ලබා දීමට හැකි වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 
     
    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අබාන්ස් හි නියෝජ්‍ය අධ්‍යක්ෂ දිනේෂ් පෙරේරා මහතා සඳහන් කළේ වන්වර්ල්ඩ් සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ෆ්ලයිස්මයිල්ස් සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම පිළිබඳ අතිශය සතුටට පත්වන බවයි. එසේම මෙම සම්බන්ධතාව හරහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ෆ්ලයිස්මයිල්ස් සාමාජිකයින්ට රට පුරා පිහිටා ඇති අබාන්ස් ප්‍රදර්ශනාගාර 400කින් පමණ සිය නිෂ්පාදන හා භාණ්ඩ මිලදී ගැනීමටත් වියදම් වන සෑම රුපියල් 100ට ම මයිල්ස් උපයා ගැනීමටත් අවස්ථාව සැලසෙන බවද හෙතෙම පෙන්වා දුන්හ.  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ American Express and Standard Chartered ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට දිවයින පුරා ඇති අබාන්ස් ප්‍රදර්ශනාගාර වලින් මිලදී ගන්නා නිෂ්පාදන සඳහා දෙගුණයක් මයිල්ස් හිමිකර ගැනීමට හැකි වන බවද හෙතෙම පැවසීය. එසේම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ෆ්ලයිස්මයිල්ස් සමඟ ඇති කර ගත් මෙම නව සම්බන්ධතාව පිළිබඳ සැබවින්ම සතුටට පත්වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිරන්තර පියාසර වැඩසටහන වන ෆ්ලයිස්මයිල්ස් වන්වර්ල්ඩ් හා එක්වීමත් සමඟ සිය සාමාජිකයන්ට සුවිශේෂි ප්‍රතිලාභ අත්කර දෙන ලදී. ඒ යටතේ ක්‍රියාත්මක වන සාමාජික ස්ථර තුන වන ක්ලැසික්, ගෝල්ඩ් සහ ප්ලැටිනම් හි සිටිනා සියලුම ෆ්ලයිස්මයිල්ස් සාමාජිකයන්ට ආකර්ෂණීය වාසි රැසක් ලබාගැනීමට මෙමගින් හැකිවනු ඇත. එනම් නොමිලේ ප්‍රවේශපත්‍ර ලබාගැනීම, වැඩිපුර ගමන් මලු රැගෙන යාමේ පහසුව ඇතුළු ඇදහිය නොහැකි වරප්‍රසාද රාශියක් ලබාදීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම කටයුතු යොදා ඇත.
     
    ශ්‍රීලංකන් සමඟ නිරන්තරයෙන් පියාසැරියේ යෙදෙන පාරිභෝගිකයන් හට සුවදායී ගුවන් ගමන් පහසුකම් ලබාදීමටත් නව ආරයකින් යුත් වාසි රාශියක් ලබා දීමත් ජාතික ගුවන් සේවයේ සුහදශීලී කාර්යභාරය වී ඇත. 
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya