අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පලස්තීන යුද්ධයෙන් පීඩා විඳින ජනතාවට ජනපති ලබා දෙන්නට යන සහනාධාරයට එජාපය විරෝධතාව දක්වයි

    අගෝස්තු 21, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පලස්තීනයේ යුද්ධයෙන් පීඩා විඳින ජනතාවට ලබා දෙන්නට යනු ලබන ඩොලර් මිලියනයක සහනාධාර මුදල පිළිබඳ එක්සත් ජාතික පක්ෂය තම විරෝධතාව ප්‍රකාශ කරයි. මෙම ප්‍රකාශය ඉතා ඛේදනීය හා අප්‍රසාදයට හේතු වන චෝදනාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා පවසයි.

     

    එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් මඟින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරාබි මුස්ලිම් ජනතාවට විරුද්ධව යම් යම් ප්‍රකාශ තමන්ට පක්ෂපාතී ඉංග්‍රීසි පුවත්පත්වලට ඉදිරිපත් කර ඇති බව අස්වර් මහතා පැවසුවේ රජයේ නිල පුවත් වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමිනි.

     

    අස්වර් මහතා‍ ඒ පිළිබඳව ප්‍රකාශ කරමින්; “පලස්තීනයේ බාල මහළු පුද්ගලයන් රැසක් ගාසා සටන්වලින් ජීවිතක්ෂයට පත් ව ඇත. මුළු ලොවක් මෙම යුධමය ක්‍රියාදාමයන්ට විරුද්ධවන අතර බොහෝ රටවල් මෙම මානුෂික අපරාධ හෙළා දකී. එවන් සමයක ජනාධිපතිතුමන් සහනාධාර සැපයීම හෙළාදැකීමෙන් එක්සත් ජාතික පක්ෂය විසින් ම ඔවුන්ගේ වෙස් මුහුණු ගලවා ගෙන ඇත.

     


    අලුත්ගම සිද්ධිය, මුස්ලිම් ප්‍රජාව හා මුස්ලිම් පල්ලි පිළිබඳ පවසමින් ඡන්ද පෙට්ටි පුරවා ගැනීමට පමණක් එජාපය උත්සහ කරන අතර දැන් විපක්ෂ නායකයන්ගේ ආත්මාර්ථකාමී බව හා මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කිරීම පිළිබඳ ව හෙළිදරව් වී ඇත.

     


    මෙම විරෝධතාව පුදුමයට කරුණක් නොවන්නේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන ජේ.ආර්. ජයවර්ධනයන් ඇමරිකා අධිරාජ්‍යවාදීන්ගේ ළඟම හිතවතෙකු වන බැවින් වර්තමානයේ ඔහුගේ බෑණනුවන්ද එම ක්‍රියාදාමයම අනුගමනය කරමින් පලස්තීන ප්‍රජාවට විරෝධතාව පෑමයි.

     


    කෙතරම් වෙස් මුහුණු බැඳන් ලෝකයා ඉදිරියට පැමිණියත් මේ වගේ දිනයක විපක්ෂ නායකයාගේ සැබෑ ස්වරූපය ජනතාව ඉදිරියට එන බව මුස්ලිම් ජනතාව ඇතුළු සෑම රට වැසියෙක්ම දැනගත යුතු වේ.

     

     

    තවදුරටත්, මහින්ද රාජපක්ෂ මැතිතුමන් විපක්ෂ නායකව සිටි සමයේ එතුමන් විසින් ගෙන ආ පලස්තීනයට සහනාධාර සැපයීමේ යෝජනාව ගැන හිටපු මාධ්‍ය අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකාර් සහ මුස්ලිම් කටයුතු පිළිබඳ ඇමති වන මා විසින් කතා කිරීමට සැරසුනත් එවකට අගමැති ලෙස සිටි රනිල් වික්‍රමසිංහ මහතා එය වළක්වන ලදී.



    මෙවන් වාතාවරණයක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා හා පළාත් සභා හා ප්‍රාදේශීය සභා මුස්ලිම් මන්ත්‍රීවරුන් මෙම ප්‍රශ්නය කෙසේ භාර ගනීවිදැයි ගැටලුවක් මතු වේ.
     
     

    අවසන් වශයෙන් මා පවසන්නේ මෙම පලස්තීන ගාසා ප්‍රශ්නය මුස්ලිම් ප්‍රජාවගේ ගැටලුවක් පමණක් නොව සමස්ත මනුෂ්‍ය වර්ගයාටම බලපාන ප්‍රශ්නයක් වන බවයි.“යැයි අස්වර් මහතා ප්‍රකාශ කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya