අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යෝජිත සංවර්ධන සැලැස්මෙන් රත්නපුර නගරයට නව මුහුණුවරක් – ජනපති රත්නපුරයේ දී කියයි Featured

    ජූලි 22, 2020

    යෝජිත රත්නපුර නගර සංවර්ධන සැලැස්මෙන් නගරයට නව මුහුණුවරක් ලැබෙනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

     

    ඒ යටතේ රත්නපුර නගර මධ්‍යයේ අංග සම්පූර්ණ බස්නැවතුම්පොළක් ඉදිකෙරේ. රත්නපුර දිස්ත්‍රික්කයේ චාරිකා කරමින් ජූල්ය් 19 දින රත්නපුර සීවලී ක්‍රිඩාංගණය අසළ පැවති ජන හමුවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    කොළඹ – රත්නපුර අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කර තිබේ. ගිලීමලේ රෝහල ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ජනතාව කළ ඉල්ලීම ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත යොමු  කෙරිණ.

    අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතා නිවිතිගල බස්නැවතුම්පොළ ඉදිරිපිට සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය. අවිසාවේල්ල සිට ඕපනායක දක්වා පැරණි දුම්රිය  මාර්ගයට අයත් ඉඩම්වල පදිංචිව සිටින 35,000ක් පමණ පිරිසකට නීත්‍යානුකූල ඔප්පු නොතිබීම පිළිබඳව ද ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ. ඒ පිළිබඳ ගතහැකි ක්‍රියාමාර්ග මොනවාදැයි  විමර්ශනය කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ ස්ත්‍රී දුෂකයන්ට දැඩි දඬුවම් දෙන ලෙස ඉල්ලා සිටි ජනතාව සුරක්ෂිත රටක් ගොඩනැගීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට පූර්ණ සහය පළ කළහ. පතල් කර්මාන්තකරුවන් මුහුණපා සිටින ගැටළු එහිදී ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කෙරිණ. ක්ෂේත්‍රයේ සියලු පැතිකඩ ආවරණය කෙරෙන පරිදි බලපත්‍ර නිකුත් කිරීම එක් ආයතනයක්  මගින් සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ජනාධිපතිතුමාගේ එකඟතාව පළ කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya