ජූලි 15, 2020
tami eng youtube  twitter facebook
    logo

    අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

    මැයි 28, 2020

    අවසන් ගෞරව දැක්වීමට ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ඒමට කටයුතු කළේ ය.

    එහිදී දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක් විය.

    දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පෙ.ව 10.45 සිට 11.30 දක්වා අවකාශ සළසා තිබුණි.

     මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන් ම අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන් එක්ව සිටියේ ය

    හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා (27) හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වීය .අභාවප්‍රාප්ත වනවිට අමාත්‍යවරයා 55 වැනි වියේ පසූ වී ඇත.

    to1

     

    tho2

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya