අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට ඉදිරි දිනවලත් විශේෂ ගුවන් ගමන් වාර කිහිපයක්

    මැයි 03, 2020

    විදෙස්ගත ශ්‍රී ලාංකික සිසුන් 5500ක් පමණ මෙරටට පැමිණීමට කැමැත්ත පළකර ඇති බව ජනාධිපති අතිරේක ලේකම් (විදේශ කටයුතු ) අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා මාධ්‍යට අදහස්  දක්වමින් ප්‍රකාශ කර සිටියි.

    ඒමෙන්ම විදේශතග ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වාගැනීමේ වැඩපිළිවෙල යටතේ ඊළග පියවර ලෙස රුසියාව ඇතුළු පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටවල සිසුන් මෙරටට  ගෙන්වාගැනීමට නියමිතව ඇත.

    පසුගිය දින කිහිපයේදී දකුණු ආසියානු කලාපයෙන් මෙරටට පැමිණි සිසුන් සංඛ්‍යාව 1065කි. ඒය අප්‍රේල් 21 වනදා ඇරඹුණු අතර ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය සහ නේපාලය යන රට  වලින් සිසුන් මෙරටට පැමිණියේය. ඒ සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශේෂ ගුවන් ගමන් වාර 09ක් හදුන්වාදෙන ලදී.

    ජයනාත් කොළඹගේ මහතා පවසන පරිදි ඊළග අදියරේදී විදෙස්ගත සිසුන් ගෙන්වාගැනීමට අවදානය යොමු වන්නේ ආසියානු කලාපයටයි. ඒනම් සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව,  රුසියාව, ලැට්ඩියාව, ජෝර්ෂියාව, බෙල්රූස් යන රට වලටයි. මේ අවස්ථාවේදී ඒංගලන්තය සහ ඔ්ස්ට්‍රේලියාවේ සිටින සිසුන් කිහිපදෙනෙකු හෝ ලංකාවට රැගෙන ඒ්මට දැනට කටයුතු කරන  අතර ඒසදහා ආරක්ෂක හමුදාවන් විසින් නිරෝධායන මධ්‍යස්ථාන 46ක් පමණ සූදානම් කරගෙන මෙම සිසුන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් පසුවන බව කොළඹගේ මහතා පවසයි.

     

    නොබෝ දින 10 තුළ තවත් 1100 ක පමණ පිරිසක් ලංකාවට ගෙන්වාගැනීමට හැකියාව ලැබෙතැයි අපේක්ෂා කරන බවද ඔහු පැවසුවා. මෙරටට පැමිණීමට අපේක්ෂා කරන වඩාත් අවදානමට  ලක්විය හැකි ඒතෙර සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වාගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා විදේශ අමාත්‍යංශයට උපදෙස් දී තිබේ. අදාල රටවල විදේශ දූත මණ්ඩල ඔස්සේ ඒරට ශ්‍රී  ලාංකිකයන්ගේ තොරතුරු සොයා බලන බවත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයන ලෙසත් කොළඹගේ මහතා කියා සිටි. යම් පුද්ගලයෙකුට මෙරටට පැමිණීමට අවශ්‍ය වන්නේ නම් ඒ සදහා  ක්‍රමවේදයක් සකසා ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය. සිසුන් ගෙන්වාගැනීමෙන් අනතුරුව තාවකාලික වීසා බලපත් ලබාගෙන විදෙස්ගත වූ පිරිස් සහ ශ්‍රමිකයන් පිළිබදව අවදානයට  ලක්කෙරෙනු ඇත.

    ඔවුන් හටද අනිවාර්යයෙන්ම මෙම පහසුකම් ලබාදිය යුතු බවත්, ජනාධිපතිතුමා සහ රජය ලංකාවට පැමිණීමට කැමැත්තෙන් සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් පිළිගැනීමට සූදානමින් සිටින බවත්  පැවසීය. ඒමෙන්ම ඒම කාර්යය ආරක්ෂානුකූලව සහ සෞඛ්‍ය උපදෙස් අනූව සිදුකිරීමට බලාපොරොත්තු වෙයි. ලන්ඩන් සහ මෙල්බරන් හි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට  විශේෂ ගුවන් ගමන් වාර කිහිපයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙන්කර තිබේ. ඒ අනූව 03, 04 සහ මැයි 05 යන දින වල ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට පැමිණෙන අතර,  මැයි 08 වන දින ඔස්ට්‍රේලියාවේ මෙල්බරන් නුවර සිට තවත් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතයි.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya