අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක මාධ්‍ය නිදහස් දිනය අදයි- අපි ආණ්ඩුවක් විදියට මධ්‍ය මර්දනයට දායක නොවුණු පිරිසක් - අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    මැයි 04, 2020

     

    ලෝක මාධ්‍ය නිදහස් දිනය අදයි-

    අපි ආණ්ඩුවක් විදියට මධ්‍ය මර්දනයට දායක නොවුණු පිරිසක් - අමාත්‍ය බන්දුල ගුණවර්ධන

     

    ලෝක මාධ්‍ය නිදහස් දිනය අදයි. ඒක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය විසින් මැයි මස 03 වනදා ලෝක මාධ්‍ය නිදහස් දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

    ලෝක මාධ්‍ය නිදහස් දින පණිවිඩය ලබාදෙමින් උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ, ආණ්ඩුවක් ලෙස නව රජය මාධ්‍ය මර්දනයට දායක නොවුණු බවත්, පසුගිය රජය සමග සැසදීමේදී නව රජයට රාජ්‍ය මාධ්‍ය නිදහස්කරණයට හැකිවීම සතුටක් බවයි.

    ඒමෙන්ම අද දිනය ලෝකය පුරාම ලෝක මාධ්‍ය නිදහස් දිනය ලෙස සැමරුම් කෙරුණ බවත්, කොවිඩ් 19 වසංගතය කරනකොට ගෙන ඉතා ජීවිත පරිත්‍යාගයෙන් යුතු මාධ්‍ය මෙහෙවරක නිරත වන අවස්ථාවක මෙවර ලොව පුරා මාධ්‍ය නිදහස් දිනය සැමරෙන බවයි.

    ලෝකයේ ශිෂ්ට සම්පන්න සමාජ වල සාධාරණ ලෙස විනිවිද භාවයකින් යුතුව සත්‍ය තොරතුරු වලින් ලෝක ජනතාව දැනුවත් කිරීමේ වගකීම ඉෂ්ට කරන අධ්‍යතන මාධ්‍යකරුවන්ට මෙම අවස්ථාවේදී පැවරෙන වගකීම ඉෂ්ට කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනූව ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සහ සෞඛ්‍යාරක්ෂාව සලසා ගනිමින් නිසිලෙස වාර්තාකරණයේදී ඇතිවන තර්ජන ගර්ජන හා බලපෑම් වලින් තොරව නිදහස් මාධ්‍ය ඇතිවීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම ලෝකයේ සියලුම වගකිවයුත්තන්ගේ යුතුකම හා වගකීම වන බව අමාත්‍යවරයා සිහිපත් කළේ ය.

    තවද ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය නිදහස සුරක්ෂිත කොට පෝෂණය කරන බව ඉතා පැහැදිලිව සදහන් කොට තිබෙන අතර සිය රජය බලයට පත්වීමෙන් පසු ඒතෙක් පැවතුණු මාධ්‍ය වාරණ, සීමාකිරීම්, දේශපාලන දඩයම්, පළිගැනීම් සදහා දාධ්‍ය යොදාගැනීමේ සංස්කෘතිය, මඩ දේශපාලන සංස්කෘතිය ම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට හැකිවීම පිළිබදව විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමාද බෙහෙවින් සතුටට පත්වන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

    මාධ්‍ය පරිහරණය සදහා නිදහස් මතවාදය මෙහෙයවනු ලබන රටවල සංස්කෘතීන් තුළ මාධ්‍යයන් විසින් සිදුකරනු ලබන විපර්යාසයන් වඩා ප්‍රබලයි. ඒමගින් ජනයාට සත්‍ය දැනගැනීමේ හැකියාව ලැබෙනවා සේම යහපත් පූර්වාදර්ශයන්ට ඒම සංස්කෘතීන් තුළ මං විවිර වෙනු ඇත. මාධ්‍ය ක්‍රියාකාරීත්වයට යම් නිදහසක් සහිතව ගලාගෙන යාමට අවකාශ ලැබුණු සමාජ වල මාධ්‍ය බලපෑම නිසා ජනප්‍රිය සංස්කෘතිය වැනි නව ප්‍රවනතා කිහිපයක් වර්ධනය වී ඇති අතර ඒම ප්‍රවනතා වර්තමානයේ මාධ්‍ය අධ්‍යයන ක්ෂේත්‍රයේ අවධානයට ලක්වී ඇත.

    ලොව පුරා අදවන් දිනක සැමරෙන මෙලෙස මාධ්‍ය නිදහස් දිනයේ අරමුණ වන්නේ මාධ්‍ය නිදහසේ ඇති වැදගත්කම පිළිබදව දැනුවත් කිරීම හා මාධ්‍ය නිදහස සදහා ඇති අයිතියට ගරු කිරීම මෙන්ම මාධ්‍ය ආරක්ෂා කිරීම සදහා රජයන් හට ඇති යුතුකම සිහිපත් කිරීමයි.

    ඒසේනම් කෝවිඩ් 19 නමින් දරුණු වසංගතයක් ලොව පුරා පැතිර පවතින මෙවන් වකවානුවක ඒම වෛරසය මැඩලීමේ මෙහෙයුමේ හරි හරියට සටන් වදින සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදා ආරක්ෂක ආදී සෑම ක්ෂේත්‍රයකම විරුවන්ට මෙන්ම නිවැරදි තොරතුරු සැනින් වාර්තා කරමින් අපරිමිත මාධ්‍ය මෙහෙවරක නිරත වන ලොවපුරා මාධ්‍ය විරුවන්ටත් මෙම නිදහස් මාධ්‍ය දිනයේ උපහාරයක් වේවා..!

    සටහන - පූර්ණා නානායක්කාර.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya