අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංගම බස් රථ 5700ක් ධාවනයට-සියලු මඟීන් මුඛ ආවරනයක් පැලදිය යුතුයි- මඟීන් වැඩිපුර රැගෙන යන බස් රථවල මාර්ග බලපත්‍රය අහෝසියි

    අප්‍රේල් 20, 2020

    රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ගේ ගමනා ගමන පහසුව සඳහා දුම් රිය හා බස් රථ සේවා යෙදවීමට රජය පියවර ගෙන තිබේ.

     

    ඒ අනුව ප්‍රවාහන සේවාවන්හි සියලු කාර්ය මණ්ඩල සේවයට වාර්තා කිරීම අනිවාර්ය වෙයි. මෙම තීන්දුව ගැනිමට පෙර සියලු අංශ සමඟ සාකච්ඡා කළ බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

    සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ලබදෙන නිර්දේශ සලකා බලා මෙම තීරණ ගෙම තිබේ. මෙම පියවර ඡන්දය ඉලක්ක කරගෙන සිදු කරන බවට විපක්ෂය ගෙන යන චෝදනා වැරැදි බවද  අමාත්‍යවරයා පවසයි.

    ලංගම බස් රථ 5700ක් ධාවනය කරන්නට කටයුතු සූදානම් කර ඇති බව කී අමාත්‍යවරයා, සියලු මඟීන් මුඛ ආවරනයක් පැලදගෙන පැමිණීම අනිවාර්ය වෙන බව කීය. කිසිවෙකුට මඟීන් වැඩිපුර පටවා ගැනීමට ඉඩ නොමැති බවත් මේවා පරික්ෂා කරන්න යුද හමුදාවත් පොලීසියත් යොදවා ගන්නවා. මඟීන් වැඩිපුර රැගෙන යන බස් රථවල මාර්ග බලපත්‍රය  අහෝසි කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya