අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ අමාත්‍යංශය විදේශිකයින්ට මෙරටින් බැහැර වීම සඳහා පහසුකම් සලසා දෙයි

    මාර්තු 21, 2020

     

    සංචාරක හා අනෙකුත් වීසා බලපත්‍ර කාණ්ඩ මත දැනට ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ට අපහසුවකින් තොරව බැහැරව යාම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී.

    මෙය සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකාව හරහා ක්‍රියාත්මක වන නිත්‍ය ගුවන් ගමන් සහ යොදවා ගත හැකි විශේෂ ගුවන් ගමන් යන ආකාර දෙකම භාවිත කරමිනි.

    මෙම ගමන් සඳහා පහසුකම් සැලසීමේ ක්‍රමවේදයන් පිළිබඳව අද දින විදේශ සබඳතා ලේකම් රවිනාථ ආර්යසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී සාකච්ඡා කෙරිණි. මෙම රැස්වීමට බටහිර කලාපයේ රටවල් නියෝජනය කරන තානාපතිවරු මෙන්ම, ආරක්ෂක අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ගුවන්තොටුපල හා ගුවන් සේවා, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, සිවිල් ගුවන් සේවා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම යන ආයතනවල නියෝජිතවරු ද සහභාගී වූහ.

    දැනට පනවා ඇති ඇඳිරි නීතිය සැලකිල්ලට ගනිමින්, මෙම මගීන්ට මෙන්ම ඔවුන් ප්‍රවාහනය කිරීම සඳහා ගමන් ගන්නා වාහනය සහ එහි රියදුරු සඳහා ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට තම ගුවන් ටිකට් පත භාවිත කළ හැකි බව වැඩබලන පොලිස්පතිවරයා සහතික කොට ඇත. මෙම ගමන් බිමන් සඳහා සහාය වන ලෙස පිළිගත් කුලී රථ ජාල සහ හෝටල් හිමියන්ගෙන් ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා පැවසීය.

    ඇතැම් අවස්ථාවල දී සංචාරක නවාතැන්පලවල හිමිකරුවන්ගෙන් මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ඇතැම් පිරිස් වෙතින් ද සංචාරකයින් අත්විඳින ඍණාත්මක ප්‍රතිචාර හේතුවෙන්, වර්තමානයේ දී මෙරට තුළ සිටින ඔවුන්ගේ ජාතිකයින් දිගින් දිගටම මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව එහි පැමිණ සිටි රාජ්‍යතාන්ත්‍රිකයින් විසින් මෙම රැස්වීමේ දී අවධානය යොමු කරන ලදී. මෙම දුෂ්කර අවස්ථාවේ දී විදේශීය ජාතිකයින්ට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ආගන්තුක සත්කාරය ලබා දීම සහතික කිරීම සඳහා පොදු පියවර ගන්නා බව ශ්‍රී ලාංකික නියෝජිතායතන අවධාරණය කළේය. එවැනි සිදුවීම් පිළිබඳව කඩිනමින් වාර්තා කොට, ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීම සහතික කිරීම සඳහා විශේෂ දුරකථන මාර්ග ද පිහිටුවා තිබේ.

    නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලබන විදේශීය ජාතිකයින් සඳහා විශේෂ සන්නිවේදන පහසුකම් ද සපයා ඇත.

    මෙම සතිය මුල දී ශ්‍රී ලංකාව විසින් කරන ලද ඉල්ලීමෙන් අනතුරුව, වීසා බලපත්‍ර කල් ඉකුත් වී හෝ කෙටි කලෙකින් කල් ඉකුත් වීමට නියමිතව විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට තමන් විසින් පියවර ගන්නා ලද බව රටවල් කිහිපයක රජයන්හි නියෝජිතයෝ දැනුම් දුන්හ. එම ඉල්ලීම තම රටවල අගනගරවල දී ඉහළම අවධානයට ලක්වෙමින් පවතින බවට අනෙක් රටවල් විසින් විදේශ සබඳතා අමාත්‍යාංශයට සහතික කරන ලදී. මීට ඉහත දී ශ්‍රී ලංකාව, මෙහි සංචාරය කරන සියලුම විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර එක් මසකින් දීර්ඝ කළේය.

     

    විදේශ සබඳතා අමාත්‍යාංශය

    කොළඹ

    2020 මාර්තු 20 වැනි දින

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya