අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියා සහ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සබඳතා යොදා ගනිමින් ශ්‍රී ලංකික බෞද්ධ බැතිමතුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට පියවර

    මාර්තු 18, 2020

    නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය, විදේශ සබඳතා අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර දැනට ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකික බෞද්ධ බැතිමතුන් ඉක්මණින් ආපසු පැමිණීමේ කටයුතු ඵලදායී ලෙස සම්බන්ධීකරණය හා පහසුකම් සපයනු ලබන බව විදේශ සබඳතා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් පැන නැගී ඇති තත්ත්වයන් සහ වෙනත් සීමාවන් හමුවේ මෙම පියවරයන් ගැනීමට කටයුතු කර ඇත.

    ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් රැස් කරන ලද තොරතුරු වලට අනුව, නවදිල්ලියේ සහ චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දැනට ඉන්දියාවේ සංචාරක කණ්ඩායම් 22 කට අයත් ශ්‍රී ලංකා බෞද්ධ බැතිමතුන් 1,200 ක් පමණ සිටින බව විදේශ සබඳතා අමාත්‍යංශය විසින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වන අතර 2020 මාර්තු 09 දින ශ්‍රී ලංකා රජය විසින් දඹදිව වන්දනා අත්හිටුවීමට පෙර මෙම වන්දනාකරුවන් ඉන්දියාවට පැමිණ තිබේ.

    කෙසේ වෙතත්, ඉන්දියාවේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථාන හා සංචාරක කණ්ඩායම් සම්බන්ධ කර ගැනීමෙන් ලබාගත් මෙම සංඛ්‍යා දත්ත වලට අනුව, සමහර සංචාරක කණ්ඩායම් තවමත් ගමන් කරමින් සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරත් සඳහන් වේ.

    ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල උතුරු ඉන්දියාවේ බෞද්ධ වන්දනා ස්ථානවල සිටින සංචාරක භික්ෂූන් හා සංචාර කණ්ඩායම් සමඟ සමීපව සම්බන්ධව කටයුතු කරන බවත්, කොරෝනා වෛරසය විකාශනය වෙමින් පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් ඔවුන්ගේ ආපසු පැමිණීමේ කටයුතු කඩිනම් කරන ලෙසත් එම සංචාර කණ්ඩායම්වලින් ඉල්ලා ඇත.

    මෙම බැතිමතුන්ගෙන් බොහෝ දෙනෙක් ඉදිරි දින කිහිපය තුළ නවදිල්ලිය සහ චෙන්නායි හරහා ආපසු දිවයිනට පැමිණීමට නියමිත අතර ඔවුන්ට ආපසු ගමන් කිරීම සඳහා අවශ්‍ය අදාළ පහසුකම් සහ ටිකට්පත් නැවත සකස් කිරීමේ අදහසින් දූත මණ්ඩල ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කිරීම සිදු කෙරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya