නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදා පරාජය නොවූ ජාතියක් ලෙස මෙම ව්‍යවසනයෙන් ජය ගන්නවා- යුද්ධ හමුදාපති

    මාර්තු 18, 2020

    නිරෝධාන මධ්‍යස්ථාන 16ක් තුළ නිරෝධානය සඳහා 2258 දෙනෙකු නිරෝධායනයට ලක් ව ඇතැයි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

    ඊයේ(17) කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ දී ප්‍රථම මාධ්‍ය හමුවේ දිය.වැඩිදුරටත් අදහස් දැක් වු හමුදාපතිවරයා,කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කාර්ය සාධක බලකායක් ජනවාරි මස 26 වන දින ජනාධිපති හා අගමැතිවරයාගේ යටතේ සෞඛ්‍ය අමාත්‍යවරිය හා නිලධාරි මඩුල්ලකින් සමන්විත වු අතර ජනවාරි මස 27 වන දින චින කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය විමත් සමඟ ඒ යටතේ මෙම කාර්ය ආරම්භ වු බව කීය.

    ඉන් අනතුරුව වූහාන් සිසුන් රැගෙන ඒමත් ඔවුන් නිරෝධායනය කිරිම පළමු අදියර වන අතර මෙය දෙවන අදියර ය ලෙසින් සැලකිය හැකි බවයිතමෙම දෙවන අදියර මාර්තු 10 ආරමභ කිරිමෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථාන 2ක් එය ආරම්භ කළේ ය.
    කෙසේ වුවද, වසර 30 යුද්ධයක් මෙන් ලංකාවට විවිධ අවස්ථාවන් වල දී ව්‍යාසන සිදු වුවද නෙපැකිලිව ඊට මුහුණ දුන් බව කී හමුදාපතිවරයා, සැම විට කිසිම දෙයකට පරාද නොවු ජාතියක් ලෙසින් මෙම ව්‍යාසනයට ද නොබියව මුහුණ දෙන බව සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya