අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් මගීන්ගේ නීරෝධායන කටයුතු සදහා ගුවන් හමුදාවේ අඛණ්ඩ දායකත්වය

    මාර්තු 16, 2020

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානම ගුවන් තොටුපළ වන බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටා ඇති ගුවන් හමුදා ජීව විද්‍යාත්මක, රසායනික, විකිරණශීලී හා න්‍යෂ්ඨික පුපුරණ ද්‍රව්‍ය සදහා ප‍්‍රතිචාර දැක්වීමේ පක්ෂාංගයේ මගින් දිවයිනට පැමිණෙන ගුවන් මගීන් නිරෝධනය සදහා අඛන්ඩ සහාය ලබා දෙනු ලබයි.

     

    මෙහිදී දිවයිනට පැමිණෙන සියලූ ගුවන් මගීන් නිරෝධනයට ලක් කරන අතර ඉන්පසු ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථාන කරා ගෙන යාමට ශී‍්‍ර ලංකා යුධ හමුදාවට භාර දෙනු ලබයි

    තවද මෙකී ක‍්‍රියාකාරකම් සිදු වන ආකාරය නිරීක්ෂණය කිරීම සදහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ඊයේ(15) දින බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


    මේ අවස්ථාවට ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ජානක අමරසිංහ හා ජීව විද්‍යාත්මක, රසායනික, විකිරණශීලී හා න්‍යෂ්ඨික පුපුරණ ද්‍රව්‍ය සදහා ප‍්‍රතිචාර දැක්වීමේ පක්ෂාංගයේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරා යන නිළධාරීහු ද සහභාගී වූහ.

     

    මෙහිදී ගුවන් හමුදාපතිතුමා පවතින වාතාවරණය හමුවේ ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබද අදාළ නීළධාරීන් වෙත උපදෙස් ලබාදීම සිදු කරනු ලැබීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya