අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ නිවාඩුව දීර්ඝ නොකෙරේ- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්

    මාර්තු 16, 2020

    මාර්තු 16 වැනිදා ලබා දුන් රජයේ නිවාඩුව දීර්ඝ නොකරන බවත්, එසේ වුවද ඉදිරි දින කිහිපයේ පවතින සළකා බලා තීරණයක් ගන්නා බවත්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී (16)  රජයේ නිවාඩුව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

    බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පිහිටුවා ඇති කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ඉල්ලීම පරිදි සඳුදා දින නිවාඩුව ලබා දුන් බවත්, එසේ වුවද මැතිවරණ කටයුතු මෙන්ම බැංකු කටයුතු සඳහාද ඉදිරි දිනයන් නිවාඩු කළහොත් දැඩි ලෙස බලපෑමක් සිදුවන අතර මෙම නිවාඩුව දීර්ඝ කිරීමට තරම් බරපතල තත්වයක් ඇති වී නොමැති හෙයින් ඉදිරි දින තුන නිවාඩු ප්‍රකාශයට පත් නොකිරීමට තීරණය කළ බවත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

     

    මාණ්ඩලික නිලධාරීන් පැමිණීම අනිවාර්යය වන බවත්, ඔවුන් තම කටයුතු කරගෙන යාමට අවශ්‍ය පිරිස කැඳවීමට හැකියාව ඇති බවත්,අනෙකුත් පිරිස සම්බන්ධයෙන් සහනයක් ලබා දී ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා පැවසීය.

    කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්ව ඇති සියලුම රාජ්‍ය සේවාවන් නිවාඩු දුන්නද නොදුන්නද නියමිත ආකාරයට මේ මොහොතේදී පවත්වාගෙන යාමට අවශ්‍ය බවද හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

    මේ වන විට පිරටර ගොස් ඉදිරියේ දී පැමිණීමට බලාපොරොත්තු වන හා මෙම දින කිහිපය තුළ දිවයිනට පැමිණ සිටින රාජ්‍ය සේවකයින්ට කිසියම් ආකාරයක රෝගය සම්බන්ධයෙන් සැකයක් තිබේ නම් එම පිරිසට ස්වයං නිරෝධායනයට ලක්වීමට හෝ නිරෝධායන මධ්‍යස්ථායනයකට යාමට අවසර තිබෙන බවත්, ඒ සදහා පඩි සහිත දින 14ක නිවාඩු කාලයක් ලබාදෙන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    මේ අතර තවදුරටත් අදහස් දැක්වූ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, ප්‍රාදේශීය මට්ටමින් කටයුතු කිරීමට හා නිරෝධායන කටයුතුවලට ආධාර කරමින් ප්‍රාදේශිය ලේකම්වරු ක්‍රියා කළ යුතු බවත්, ග්‍රාම සේවා වසම් මට්ටමින් කොරෝනා මර්දන තොරතුරු මධ්‍යස්ථාන ආරම්භ කළ යුතු බවත්ය.

    මේ දිනවල නොපැමිණෙන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් නිවාඩු ලබා දෙන්නේ දැයි මාධ්‍යවේදීන් විමසු පැනයට පිළිතුරු වශයෙන් ඔහු පැවසුවේ ඒ ගැන ඉදිරියේදී සළකා බලන බවයි.

    එමන්ම ඉදිරියේදී රාජයේ කාර්යාලවල සියලු අංශවලට අත් සේදීමට අවශ්‍ය සේදුම්කාරක හෝ සබන් ලබාදීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බවද ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කරන බවද හෙට්ටිආරච්චි මහතා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya