අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා ගැන වැරදි පුවත් සමාජ මාධ්‍යයේ පළ කළ දෙකක් අත්අඩංගුවට- නීතිය දැඩිව ක්‍රියාත්මකයි

    මාර්තු 16, 2020

    කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් රටේ ජනතාව විමසිල්ලෙන් පසුවන අවස්ථාවක අසත්‍ය ප්‍රකාශ සමාජගත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ අද (16) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කොවිඩ් -19 විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

    පසුගිය දින කිහිපයක සිට සමාජ මාධ්‍ය හරහා බොරු මත ප්‍රකාශ කළ එවැනි පුද්ගලයන් දෙදෙනෙකු අද දිනයේ දී අත් අඩංගුවට ගත් බවත් ඔවුන් රාගම සහ බණ්ඩාරගම ප්‍ර දේශයේ පිදිංචිකරුවන් බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත යටතේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya