අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තවත් කොරෝනා රෝගීන් දෙකක් හමුවෙයි- මුළු ගණන 07ක්

    මාර්තු 14, 2020

    කොවොඩ් -19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති තවත් පුද්ගලයන් දෙදෙනෙකු හමු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය.

    මේ වනවිට කොරෝනා රෝගීන් ගණන 07ක් බවද ඒ මහතා කීය.

    මෙයින් එක් රෝගියෙක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් සොයාගෙන ඇත.44 වියේ පසුවන මෙම රෝගියා මේ වනවිට පොළොන්නරුව රජයේ රෝහලට ඇතුළත් කොට තිබේ. ඔහු  ඉතාලියෙන් පැමිණි අයෙකි. අද (14) හමුවූ අනෙක් රෝගියා නාත්තන්ඩියේ පදිංචි 43 හැවිරිදි අයකු වන අතර ඔහු ද ඉතාලියේ සිට පැමිණි අයකු බව අනිල් ජාසිංහ මහතා පැවසීය.

    මේ අතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රෝගියා සමඟ එහි සිටි 16 දෙනෙකු දැන් වෙනම ස්ථානගත කර තිබේ. නාත්තන්ඩියේ රෝගියා හමු වී ඇත්තේ ඔහු කුරුණැගල රජයේ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි අවස්ථාවේ දී ය. දැන් මෙම රෝගියාගේ නිවසට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් යවා ඇති බවද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    මේ වනවිට සැකකරනු ලබන රෝගීන් 103 දෙනෙකු රජයේ රෝහල් 18ක රඳවා සිටින බවත් විදේශයන්හි සිට පැමිණි 1600කට අධික පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින බවත්  ඔහු පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya