අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා රෝගීන් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්වයෙන්- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    මාර්තු 13, 2020

    නව කොරෝනා වෛරසය වැළදී අයි ඩී එච් උණ රෝහලට ඇතුලත් කළ රෝගීන් දෙදෙනාගෙන් එක් අයෙකුට අධි රුධිර පීඩනය හා දියවැඩියා තත්වයෙන් පෙලුනද එම රෝගීන් දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.


    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(13) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍යයට අදහස් දක්වමින් ඔහු වේ බව පැවසීය.


    මෙම රෝගය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකරගතයුතු නොමැති බව පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, දැනට රජය විසින් ක්‍රියාත්මක කරන නිරෝධායන ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ මෙරටට විදෙස් රටවලින් පැමිණෙන ලාංකිකයන්ට පමණක් බව අදහසක් පැතිර යන බවත් එය වැරදි සහගත තොරතුරක් බවත් පැවසීය. මෙරටට පැමිණෙන ලාංකිකයන් පමණක් නොව විදේශ රටවලින් පැමිණෙන විදේශික පිරිසද අදාළ නිරෝධායන ක්‍රියාවලියට යටත් කරන බවද ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.


    ඉතාලිය හා කොරියාවේ සිට මෙරටට පැමිණෙන ලාංකිකයන්ගෙන් යම් පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය සිදු නොකර පැනගොස් ඇති බව සමාජ මාධ්‍යය හරහා පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ එලෙස කිසිවකුටවත් නිරෝධායන ක්‍රියාවලියට දායක නොවී පැනයාමට හැකියාවක් නොමැති බවත් එ් සම්බන්ධයෙන් සැකයක් ඇති කරනොගත යුතු බවත්ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya