මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිභෝගික ජනතාවට දෛනික අවශ්‍යතාව ඉක්ම වූ හදිසි අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමකට කිසිදු අත්‍යාවශ්‍යතාවක් මෙතෙක් පැන නැගී නැත- රජය

    මාර්තු 12, 2020

    දිවයිනේ යම් යම් ප්‍රදේශවල සිටින පාරිභෝගික ජනතාව අද (12) සවස් කාලයේ සිට සුපිරි වෙළඳසැල් සහ වෙනත් අලෙවි සැල් මඟින් අධික ප්‍රමාණයෙන් අත්‍යවශ්‍යභාණ්ඩ මිල දී ගනිමින් එක් රැස් කරගන්නා ආකාරයක් නිරීක්ෂණය වී තිබේ.

     

    නව කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමඟ පැතිර යන කට කතා සහ සමාජ මාධ්‍ය මඟින් සිදු කරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මෙලෙස භාණ්ඩ රැස් කර ගැනීමට පෙළඹී ඇති බවක් පෙනී යන අතර පාරිභෝගික ජනතාවට මෙවැනි ආකාරයට අත්‍යාවශ්‍ය භාණ්ඩ විශාල වශයෙන් මිලදී ගැනීමට හෝ රැස්කර ගැනීමට කිසිදු අවශ්‍යතාවක් මෙතෙක් පැන නැගී නැති අතර එවැනි අවශ්‍යතාවක් ඉදිරියේ දී ඇති වීමට ද ඉඩ කඩක් නැත.

     

    මේ වනවිට සෞඛ්‍ය අංශ විසින් විසින් කොරෝනා ආසාදිතයින් සුරක්ෂිත ලෙස නිරෝධායන කාර්යයට යොමු කර තිබෙන අතර විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබේ. එම නිසා මේ පිළිබඳව අනියත බියක් ඇති කර නොගත යුතු අතර කට කතා හෝ සමාජ මාධ්‍ය මඟින් සිදු කරන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී, කලබල නොවී තම දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    එමෙන් ම එදිනෙදා අවශ්‍යතාවන්ට සරිලන ප්‍රමණවත් භාණ්ඩ පමණක් මිලදී ගැනීමට කටයුතු කරන ලෙසත් රජය සියලු පාරිභෝගික ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya