අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සත්ත්ව සුබසාධන සංගම් අගමැති සමඟ සාකච්ඡාවක - සත්ත්ව සුබසාධනය සඳහා නව පනතක් සකස් කිරීමට උපදෙස්

    මාර්තු 10, 2020

    සත්ත්ව හිංසනය වැළැක්වීම සහ සත්ත්ව සුබසාධනය සම්බන්ධයෙන් සත්ත්ව සුබසාධන සංගම් සමඟ සකච්ඡාවක් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    සත්ත්ව සුබසාධනය සඳහා නව පනතක් සකස් කරන ලෙස, ඒ සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ට, අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

    මෙම සාකච්ඡාවේ දී සත්ත්ව හිංසනය වැළැක්වීම සහ සත්ත්ව සුබසාධනය සඳහා දැනට පවතින නීතිමය තත්ත්වයන් සහ පනත් පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර සත්ත්ව අවිහිංසාව වෙනුවෙන් පවතින නීති රීති සංශෝධනය කරමින් උපදේශන මණ්ඩලයක් පත්කිරීම කෙරෙහිද අවධාණය යොමු කෙරිණි.

    සත්ත්ව හිංසනය වැළැක්වීම සඳහා නීති රීති තිබුණ ද එම නීති ක්‍රියාත්මක නොවන බව සත්ත්වවේ දී සංගම් විසින් මෙහිදී පෙන්වා දුන් අතර සත්ත්ව හිංසනය වැලැක්වීම සඳහා මෙන්ම සත්ත්ව සුබසාධනය වෙනුවෙන් විශාල අවධානයක් යොමු කිරීම ද අත්‍යවශය බව මෙම සංගම් සාකච්ඡාවේ දී පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya