මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර පවිත්‍රතාවය රැකගැනීම කෙරෙහි ජනපතිගේ දැඩි අවධානය...

    මාර්තු 08, 2020

    දිවයිනේ සියලුම නාගරික හා ග්‍රාමීය පෙදෙස්වල පරිසර පවිත්‍රතාවය රැකගැනීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමුව තිබේ.


    ජනහිතකාමී පරිසර පද්ධතියක් සහතික කිරීමෙන් මහජනතාවගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය තත්වය නැංවීම, නාගරික රථවාහන තදබදය අඩුකිරීම සහ රථවාහන අනතුරු ද අඩුකර ගැනීමට පිළිවෙන.
    පවතින නීතිරීති උල්ලංඝණය කරමින් පරිසරය අපවිත්‍ර කරන්නන්නට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ. පරිසර පවිත්‍රතාව කාර්යක්ෂමව පවත්වාගෙන යෑම සඳහා දිවයිනේ සියලුම පොලිස් ස්ථානවල පරිසර ආරක්ෂණ කොට්ඨාශ දැනුවත් කිරිමට ද උපදෙස් දී ඇත.


    ජනාධිපති විශේෂ ව්‍යාපෘති හා පරිසර ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව සෙමා ගොඩනැගිල්ලේ පැවැති සාකච්ඡාවේ දී මේ බව සඳහන් කෙරිණ. පොලිස් පරිසර කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද ඊට එක්ව සිටියහ.


    කොළඹ නගරය සංචාරක ආකර්ෂණය දිනා ගත් පිරිසිදු නගරයක් බවට පත් කර ගැනීම සාකච්ඡාවේ අරමුණු අතර විය. ජනහිතකාමී පරිසරයක් පවත්වාගෙන යාම සදහා ඇති බාධා හඳුනාගනිමින් ඒවාට විසඳුම් ද යෝජනා කෙරිණි. කසල බැහැර කිරීමට නියමිත ස්ථාන නොතිබීම, අවිධිමත් කසල බැහැර කිරීම, නිලධාරී හිඟය මෙන්ම පළාත් පාලන ආයතන ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් එම කටයුතු සඳහා නොයෙදීම වැනි ගැටළු ඒ අතර විය. ඇතැම් ප්‍රදේශ පිරිසිදු කිරීම සඳහා නිශ්චිත ආයතනයක් නොතිබීම ද ගැටලුවකි. මේ කරුණු පිළිබඳව අදාල පළාත් පාලන ආයතනය දැනුවත් කිරීමට යෝජනා විය. පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ මහතා සඳහන් කළේ ජනාධිපතිතුමා බලයට පැමිණි වහාම පොලිස් පරිසර ආරක්ෂක කොට්ඨාශය ප්‍රතිස්ථාපනය කිරීමට උපදෙස් දුන් බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya