අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ග්‍රාමීය ජනතාව මුදා ගැනීමට මුදල් අමාත්‍යවරයා පියවර ගනියි

    මාර්තු 04, 2020


    ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල අධික පොලිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීමට සඳහා රජය මගින් ලබා දෙන අඩු පොලී ණය මුදල රුපියල් 40,000 සිට 60,000 දක්වා ඉහළ නැංවීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස තීරණය කර තිබේ.


    උතුර සහ උතුර මැද පළාතේ ජනතාව පත්ව ඇති මෙම පීඩාවෙන් ඔවුන් මුදා ගැනීමට සඳහා සමූපකාර ග්‍රාමීය බැංකු සහ සකසුරුවම් සහ ණය දෙන සමිති මගින් අඩු පොලී ණය ලබා දී ම දැනටමත් සිදු කෙරෙමින් පවතී.


    එහෙත් දැනට ලබා දෙන මෙම අඩු පොලී ණය මුදලේ සීමාව ඉහළ නංවා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ විවිධ පාර්ශ්ව මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කළේ ය.


    දිස්ත්‍රික් ලේකම් කාර්යාල හයක් මගින් දැනට ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්, මහජන නියෝජිතයන් සහ ජනතාව කරන ලද ඉල්ලීම්වලට කන් දෙමින් එය වඩාත්
    විධිමත් කිරීමට අගමැතිවරයා මෙහි දී තීරණය කර ඇත.


    මේ සඳහා උතුරු පළාත වෙනුවෙන් රුපියල් මිලියන 292ක් සහ උතුරු මැද පළාත වෙනුවෙන් රුපියල් මිලියන 250 ලෙස රුපියල් මිලියන 542ක් දැනටමත් වෙන් කර සමූපකාර ග්‍රාමීය බැංකු සහ සකසුරුවනම් හා ණය දෙන සමිති වෙත ලබා දී තිබේ.


    උතුරු මැද පළාතේ මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයේ සිරවී සිටින පිරිස 14,000ක් පමණ වන බවට ගණන් බලා ඇතත් පැවැති රුපියල් 40,000 උපරිම ණය ලබා දෙන සීමාව යටතේ මෙතෙක් ණය ලබා දිය හැකි වී ඇත්තේ පුද්ගලයන් 227 දෙනෙකුට පමණි. ඊට වෙන් කර ඇති රුපියල් මිලියන 250ක මුදලින් අදාළ ණය ලබා දීම සඳහා වැය වී ඇත්තේ රුපියල් 9.76කි.


    ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස ගත් මෙම තීරණයත් සමග තවත් විශාල පිරිසක් ණය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබනු ඇත.
    මීට අමතරව අදාළ වැඩසටහන තවත් විධිමත් කරමින් ණය ලබා දෙනු ලබන වාර්ෂික පොලී අනුපාතය 14% සිට 9% දක්වා පහත හෙළීමට ද නියමිත ය.


    ණය ලබා දීම සහ එම ණය යළි අය කර ගැනීම විධිමත් කිරීමේ තවත් පියවරක් ලෙස වැඩසටහනේ ප්‍රගතිය ත්‍රෙමාසිකව මහා භාණ්ඩාගාරය වෙත වාර්තා කිරීමට දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවක් ද පිහිටුවනු ලැබේ.
     

    එසේ ම ඉතා ඉහළ පොලී අනුපාත යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගැනීම වෙනුවට සකසුරුවම් හා ණය ගනුදෙනු සමූපකාර සමිති වැනි ආයතන මගින් ණය ලබා ගැනීම ප්‍රවර්ධනය කර ග්‍රාමීය ජනතාව ණයගැතිභාවයෙන් මුදා ගැනීමට පියවර ගැනීමට ද මෙම මෙහෙයුම් කමිටු වෙත පැවරීමට නියමිත ය.


    මීට අදාළව ගරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya