අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල් මිල පාලනයට වැඩපිළිවෙලක්-අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇතිකරන අතරමැදියන් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග

    මාර්තු 05, 2020

    ඉහළ යන පොල් මිල පාලනය සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

    ඒ අනුව කුරුණෑගල වැවිලි සමාගම, හලාවත වැවිලි සමාගම හා පොල් වගා කිරීමේ මණ්ඩලය ඒකාබද්ධව සතොස ඇතුළු රාජ්‍ය ආයතන සම්බන්ධීකරණයෙන් සහන මිලට පාරිභෝගික ජනතාව වෙත පොල් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණි.

    උඳු සහ කහ සඳහා දැනට ඇති ආනයන සීමාවන් තාවකාලිකව ඉවත් කිරීමට ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

    අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් සමාලෝචනය සඳහා අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා විසින් මේ බව සඳහන් කර ඇත.

    මෙහිදී ටින් මාළු මිල ගණන් පිළිබඳවත් කුකුල් මස්, බිත්තර මිලගණන් පිළිබඳවත් සමාලෝචනය සිදුකෙරුණ අතර, දේශීය කිරිපිට නිෂ්පාදනය සඳහා ඇති පාලන මිල ඉවත්කොට තරගකාරීව පාරිභෝගික ජනතාවට කිරිපිටි ලබා දීමට තීරණය විය.

    එසේම එළවළු මිල ගණන් පාලනය කිරීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන භාවිතා කරමින් සහ සතොස ද සම්බන්ධ කරගනිමින් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට ද අවධානය යොමු කෙරුණ අතර, පාරිභෝගික ජනතාව පීඩාවට පත් කරන ආකාරයේ මිල ගණන් ඉහළ දැමීම සිදු කරන සහ අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇතිකරන අතරමැදියන් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ බලධාරින්ට මෙහි දී උපදෙස් ලබා දුන්නේය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya