අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙසතිය 42වන සැමරුම අභිමානවත්ව සමරයි

    පෙබරවාරි 14, 2020

    1977 ආණ්ඩු පෙරළියත්, නව ආර්ථික ගමන් මඟත් සමඟ ශ්‍රී ලංකාවේ විශාල සාහිත්‍යමය කලා පුනරුදයක් ආරම්භ විය. එකී ක්‍ෂේත්‍රයේ නව අත්හදා බැලීම් සඳහා යොමු විය. 70 දශකය තුළ සිනමාව සහ කලාත්මක ලකුණු පහළ කළ දීප්තිමත් යුගයක්
    විය. එම යුගය තුළ කියවන මිනිසුන්ගේ නැණස පාදා ලන්නට 1978 දී පෙබරවාරි 14 වන දා ඇරඹි දෙසතියේ 42 වන අභිමන් සැමරුම් උළෙල අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී මහත් උත්සවාකාරයෙන් පැවැත්විණි.

    දෙසතිය සඟරාවේ නිර්මාතෘවරයා වන්නේ එවකට හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා වන අතර මෙම 42 වන අභිමන් සැමරුම් උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඒ මහතා අද මෙම උත්සවයට සම්ප්‍රාප්ත විය. ඉන් ආනතුරුව උසස් අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, තොරතුරු සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, තොරතුරු සන්නිවේදන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර, තැපැල්පති රංජිත් ආරියරත්න, රජයේ මුද්‍රණාලධිපති ගංගා ලියනගේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරුන් සහ දෙසතිය හිටපු සංස්කාරකවරුන් මෙන්ම ආරාධිත අමුත්තන් රැසක් සහ පාසල් දරුදැරියන් මෙම අවස්ථාවට සහභාගී වූහ.


    පොල්තෙල් පහන් දැල්වීමෙන් අනතුරුව, මඟුල් බෙර වාදන මධ්‍යයේ උත්සවයට සපැමිණි ආරාධිත අමුත්තන් අසුන් ගැනීමෙන් පසු උත්සව සභාවේ වැඩකටයුතු ආරම්භ විය. බෙර සංධ්වනියක් පැවැත්වීමෙන් අනතුරුව මෙම උත්සව සභාවේ අරමුණ පැහැඳිළි කිරීම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා විසින් සිදු කරන ලදී. දශක 04 කට අධික කාලයක් මෙවැනි සඟරාවක් පවත්වාගෙන ඒම පහසු කටයුත්තක් නොවන බව මෙහි දී අධ්‍යක්ෂකවරයා විසින් ප්‍රකශ කර සිටියේය. දෙසතිය විවිධ අභියෝගයන් හමුවේ පැමිණ ඇති බවත්, 42 වන සංවත්සරය සැමරීම මෙන්ම, දෙසතිය පිළිබඳව යම් කිසි ශාස්ත්‍රීය ගවේෂණයක යෙදීම සහ පරිපාලනයමය වශයෙන් දෙසතිය විසින් මුහුණ පා ඇති දීර්ඝ කාලින ගැටලුවකට ප්‍රයෝගික විසඳුමක් ලබා ගෙන තිබෙන බවත් එය නිල වශයෙන් එලි දැක්වීම මෙම සැමරුම් උළෙලේ අරමුණ වන බවත් මෙහි දී අධ්‍යක්ෂක වරයා ප්‍රකාශ කර සිටියේය.


    තොරතුරු සන්නිවේදන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර, තොරතුරු සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, යන මහත්වරුන් අද මෙම උත්සව සභාව ආමන්ත්‍රණය කරන ලදී. රාජ්‍ය නර්ථන කණ්ඩායමේ විචිත්‍රවත් නර්ථන අංගයකින් අනතුරුව මෙම සැමරුම් උළෙලේ මුඛ්‍ය දේශනය හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් සිදු කරන ලදී.


    ඒ මහතා එහි දී දෙසතියේ ආරම්භයත්, දෙසතිය දෙසතියක් වීමට වූ හේතුවත් මොනවට ප්‍රකාශ කරන ලදුව, එමඟින් මෙරට සිටින පාඨක පිරිස් සමාජය තුළ ජනප්‍රිය සංස්කෘතිය හා විදග්ධ සංස්කෘතිය අතර වෙනස පිළිබඳව ද මෙහි දී පැහැදිලි කරන ලදී. එපමණක් නොව දෙසතිය එකලට මෙන්ම මෙකලට ද ඇති වැදගත්කම ඒ මහතා විසින් මෙහි දී පෙන්වා දෙන ලදී එමෙන්ම, මේ තාක් දුරකට දෙසතිය ගමන් මඟ ගෙන ඒම පිළිබඳව ඒ සඳහා කැප වූ සියල්ලටම තම හද පිර ගෞරවය ද පුද කර සිටියේය. ඉන් අනතුරුව සරත් අමුණුගම මහතා හට සමරු තිළිණය ප්‍රදානය කිරීම උසස් අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් සිදු විය.
    ඉන් අනතුරුව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උත්සව සභාව අමතමින් කියා සිටියේ, හිතනවට වඩා වැඩිදුර හිතන්නට හැකි, පෙනෙනවට වඩා යමක් වැඩියමක් දකින්න හැකි, ඇසෙනාවට වඩා වැඩියමක් අහන්නට හැකි සමාජයක් නැති වීම තුළින් එම සමාජයේ දනුවත් බව පිළිබඳ ව විශාල අර්බුදයකට ලාංකීය සමාජය ගොදුරු වෙන බවත්, දෙසතිය වැනි විදග්ධ සඟරා වැඩි දුරටත් ප්‍රචලිත කර දැනුවත් තාරුණ්‍යක් උදෙසා කැප වී කටයුතු ව ක්‍රියා කිරීම වඩා වැදගත් බවයි. දෙසතිය ආ ගමන් මඟේ ඒ සඳහා කැප වී ක්‍රියා කළ සුවිශේෂී පුද්ගලයින් 08 දෙනකු වෙනුවෙන් සමරු තිළිණ ප්‍රදානය කිරීම ද සිදු විය.

     

    ඉන් අනතුරුව, දෙසතිය පාඨකයින් වෙත බෙදාහැරීම් සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිල වශයෙන් සම්බන්ධ කර ගැනීම සිදු විය. ඒ අනුව, උසස් අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, තොරතුරු සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අතින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වෙත නිල වශයෙන් තැපෑල හරහා දෙසතිය බෙදා හැරීම සඳහා දෙසතිය සඟරා කට්ටල භාර දීම ද මෙහි දී සිදු විය.

    ඉන් අනතුරුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තිලකරත්න මහතාගේ ස්තුති කතාවෙන් අනතුරුව උත්සව සභාවේ විකාශනය අවසන් විය. 42 වසරක ගමන් මඟේ දෙසතිය ආ ගමන තුළ වූ නේක විධ කම්කටොලු බොහොමයි.
    විවිධ අභියෝහ්ගයන්ට විවිධ හැලහැප්පීම් වලට මුහුණ දීමට සිදු වූ වාර අප්‍රමාණයි. එහෙත් දෙසතිය දෙසතියකට පමණක් සිමා නොවී දශක හතරකට අධික කාලයක් පාඨක දැනුම සුපෝෂණය කරමින් ආ ගමනේ එක් සන්ධිස්ථානයක් අදින් නිම වුව ද ඉන් ඉක්බිතිවත් ඉදිරියට මෙරට සමාජය තුළ විදග්ධ සංස්කෘතිය බබලවන්නට හැකි වෙනු ඇති බව නොඅනුමානය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya