මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවාස සහ සුළු ව්‍යාපාර ඉදිකිරීමේ සැලසුම් එක් දිනකදී අනුමත කිරීමට පියවර ගන්න-දිවයින පුරා කුඩා නගර අලංකාරවත් ලෙස සංවර්ධනයට උපදෙස් ...

    ජනවාරි 07, 2020

    නිවසක් හෝ සුළු ව්‍යාපාරයක් හෝ ඉදිකිරීමේ සැලසුම් නිසි පරිදි සකසා ඇත්නම් ඊට අනුමැතිය එක් දිනකදී ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි.

    ඉදිකිරීම් සඳහා වූ සැලසුම් අනුමත කිරීමේ දී පවතින දැඩි නීති රිති සහ දීර්ඝකාලයක් ගත කිරීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත් වෙති. එහෙයින් පවතින නීති රීති සරල කර ජනතාව මුහුණ දෙන ගැටලු හැකි උපරිමයෙන් අවම කිරීම රජයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි නිලධාරින් සමග (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී සඳහන් කළේය.


    සැලසුම් අනුමැතිය සදහා පළාත් පාලන ආයතන වෙත බලතල ලබාදීම සහ සෙසු ආයතන කඩිනමින් ඊට අදාළ ප්‍රතිපාදන සැකසීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ. දැනට අනුමත නොකළ සැලසුම් අනුමත කිරීම සම්බන්ධව නීතිය පිළිබඳ දැනුමක් ඇති නිලධාරියෙකු පත් කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අනුකූලතා සහතිකය දිනකදී ලබාදීම අනිවාර්ය කෙරිණ.

    ජාතික භෞතික සැලැස්ම යාවත්කාලීන කිරීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු විය. පළමු වතාවට නිවසක් ගන්නා අයෙකුට දීර්ඝ කාලීන ණය සහ සහනපොළි ක්‍රමයකට ණය නිකුත් කිරීම පිළිබද අවධානය යොමු කිරීමේ වැදගත්කම සාකච්ඡාවට ලක් විය.

    සැලසුම් අනුමත කිරීමේ දී එකම නීතිය ක්‍රියාත්මක නොකොට භූ විෂමතා සැලකිල්ලට ගෙන නිර්දේශයන් ලබාදීම කෙරෙහි ද අවධානයට ගැනිණ. පළාත් සහ ප්‍රදේශ අනුව පවතින ආයෝජන අවස්ථා හඳුනාගෙන ඒ සඳහා වූ අනුමැතින් රාජ්‍ය ආයතන මගින්ම සිදු කර ආයෝජන මණ්ඩලයට දැනුම්දීමට පියවර ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එමගින් විදෙස් ආයෝජකයින් දිරි ගැන්වෙන අතර, සිය ව්‍යාපෘති කඩිනමින් ඇරඹීමට ද අවස්ථාව උදා වේ.

    රට පුරා ඇති සියලු කුඩා නගර විධිමත් සහ අලංකාර ලෙස සංවර්ධනය කිරීමෙන් සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත හැකි බව ද ජනාධිපතිතුමා කියා සිටියේය. තලවකැලේ, ඇල්ල සහ ගිනිගත්හේන වැනි නගර නිදසුනක් ලෙස ගනිමින් ඒවා නවීකරණය කළ හැකි ආකාරය සාකච්ඡා කෙරිණි.


    වේරැස්ස ගඟ ව්‍යාපෘතිය කඩිනමි කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අපද්‍රව්‍ය කළමනාකරණය කෙරෙහි ද විශේෂ අවධානය යොමු කෙරිණ. කැළි කසළ, කාබනික පොහොර බවට පත් කිරීමට සැලසුම් සකස් කරන ලෙසත් ඒ සඳහා උපරිම ලෙස තාක්ෂණය යොදා ගැනීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිතුමා අදාළ අංශ දැනුවත් කළේය.

    භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ දායකත්වය ලබා ගනිමින් ගොඩගැසී ඇති වැලි නිධි ඉවත් කිරීමට පියවර ගැනීමෙන් වැලි මිල පහත දැමීමට ඇති හැකියාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එමඟින් ප්‍රදේශ රැසක් මුහුණ දෙන ගංවතුර තර්ජනයට ද විසඳුම් ලබාදීමට හැකි වේ.
    බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරිමට ද
    තීරණය කෙරිණි. එහිදී බේරේ වැවට අපද්‍රව්‍ය එකතු කෙරෙන බවට
    හඳුනාගෙන ඇති ස්ථාන වහාම වසා දැමීමට පියවර ගන්නා ලෙස ද
    උපදෙස් දෙනු ලැබිණ.
    ගාමිණි ලොකුගේ, ඉන්දික අනුරුද්ධ යන අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ
    ලේකම් ඇතුළු නිලධාරීහු මීට එක් වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya