අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පළමු නිල විදෙස් සංචාරය අරඹයි

    නොවැම්බර් 28, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයට පත්වීමෙන් අනතුරුව සිදු කරන පළමු නිල සංචාරය සඳහා ඉන්දියාව බලා අද (28) පිටත්වීමට නියමිතය.

    ජනාධිපතිවරයා මෙම දෙදින ඉන්දීය නිල සංචාරයේ නියැලෙන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ලැබුණු ආරාධනයක් මතය.

    ගෝඨාභය රජපක්ෂ මහත ජනාධිපති ධුරයට පත් වූ විගස ඉන්දීය අගමැතිවරයා සිය සුබපැතුම් එක්කරමින් මෙම ආරාධනාව සිදු කර තිබුණි.

    මෙය දෙදින නිල සංචාරයකි.

    මෙම සංචාරයට ජනාධිපති ලේකම්, පී.බී.ජයසුන්දර,විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ,මහා භාණ්ඩාගාර ලේකම් එස්. ආර්ටිගල මහතා,ජනපති උපදේශක, ලලිත් වීරතුංග මහතා , ජනපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩර මහතා එක්වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya