අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුලස්ථානය ජනපති සුරතින් විවෘත කෙරේ

    නොවැම්බර් 08, 2019

    අති නවීන පහසුකම් සහිතව  ඉදිකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) උදෑසන රණවිරු අයිතියට පත් කෙරුණි.

    යුධ, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා මුලස්ථාන එකම ස්ථානයක ස්ථානගත කිරීමේ අරමුණින් යුතුව ස්ථාපිත මෙම යුධ හමුදා මුලස්ථානය පැලවත්ත, අකුරේගොඩ අක්කර 77 ක පමණ වපසරියකින් යුක්ත භූමි ප්‍රදේශයක ඉදිකරන ලද ත්‍රිවිධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ පළමු අදියර ලෙස වැඩ නිම කෙරුණු යුධ හමුදා මූලස්ථානය සහ කාර්යාල සංකීර්ණය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

    2011 වසරේ මාර්තු මස දී මේ සඳහා මුල්ගල තබන ලදී. මීට ඇස්තමේන්තු ගත මුදල රුපියල් බිලියන 53.3 ක් වන අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වූ විශාලතම ගොඩනැඟිලි ව්‍යාපෘතිය ලෙස ඉදිකිරීම් ක්‍රියාත්මකය.අති නවීනතම තාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විත අතර අති නවීන තාක්ෂණික ආරක්ෂණ ක්‍රමවේදයන්ගෙන්ද  මෙම සංකීර්ණය සමන්විතය.

    ඒ අනුව ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයට අයත් දැනට දිවයිනේ විවිධ ප්‍රදේශ තුළ ව්‍යාප්තව පවතින ප්‍රධාන කාර්යාල කඩිනමින් මෙම සංකීර්ණය තුළ ස්ථාපනය කරනු ඇත.   යුධ හමුදා මූලස්ථානයේ විවිධ අංශ සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල ස්ථාපනය කිරීම වෙනුවෙන් කුලියට ලබාගන්නා ලද ගොඩනැඟිලි සඳහා මාසිකව වැය කෙරෙන රුපියල් මිලියන 50 කට අධික මුදල ඉතිරි කර ගැනීමට ද මෙමඟින් හැකියාව ලැබෙනු ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya