අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍යවේදීන්ගේ පහසුව සඳහා පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානයක් Featured

    සැප්තැම්බර් 30, 2019

    පාර්ලිමේන්තු රැස්වීම් වාර්තාකරණයේ යෙදෙන ජනමාධ්‍යවේදීන්ගේ පහසුව සඳහා  නවීකරණය කරන ලද පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානය, අද(30) උදෑසන කතානායක කරූ ජයසූරිය මහතා අතින් විවෘත විය.

    මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම් සඳහා මූල්‍ය දායකත්වය ලබා දී ඇත්තේ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය (USAID) යි. අංගසම්පුර්ණ ගුවන්විදුලි හා රූපවාහිනි මැදිරියක්ද මෙම නවිකරණය කරන ලද මාධ්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් වන අතර තම ආසනයේ සිටම පාර්ලිමේන්තු රැස්වීම් සහ කමිටු රැස්වීම් ආවරණය කිරීමේ පහසුකම්ද මාධ්‍යවේදීන්ට සලසා තිබේ.

    නීති රීති සම්පාදනය කරන ප්‍රධාන ආයතනය වන පාර්ලිමේන්තුව තුළ මාධ්‍යවේදීන් සඳහා වැඩි ඉඩක් ලබා දීමේ අරමුනින් නවීණ පහසුකම් වලින් සපිරි මෙම නව මාධ්‍ය මධ්‍යස්ථානය ඉදි කල බව මෙහිදී අදහස් දැක් වූ කතානායකවරයා පැහැදිලි කළේය. රාජ්‍ය ගිණුම් කාරක සභාව  සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මෙන්ම  , ආංශික අධීක්ෂණ  කාරක සභාවන්ද මාධ්‍යයට විවර කිරීමට හැකි වූ බව කී කතානායකවරයා බොහෝ පුද්ගලයන් අද පාර්ලිමේන්තුවේ කටයුතු වඩාත් උනන්දුවෙන් විමසන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. සිටියේ පාර්ලිමේන්තු අණපනත් ආදියට වෙනම පිටවක් වෙන් කරමින් ඒ සඳහා වැඩි ඉඩක් ලබා දෙන ලෙස මෙහිදී කතානායකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

     පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසානායක,පාර්ලිමේන්තුවේ සහකාර ලේකම් කුෂාණී රෝහණධීර මහත්මිය, USAID ආයතනයේ නියෝජිතයන්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව  ඇතුළු මාධ්‍ය ආයතන ප්‍රධානීහු  හා පාර්ලිමේන්තු ආවරණ කටයුතු කරන මාධ්‍යවේදීන් රැසක්ද මෙම අවස්ථාවට  සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya