අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා පැවති පුරප්පාඩු 44,568න් පළමු අදියරේදී සම්මුඛ පරීක්ෂණ මගින් තේරුණු සිසුන් 4000කට ඇතුළත්වීමේ ලිපි පාසල් වෙත යොමු කෙරේ

    සැප්තැම්බර් 23, 2019

    ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම විනිවිදභාවයෙන් හා විධිමත් ව සිදුකිරීමට පියවර ගැනීම සඳහා ඉතිහාසයේ ප්‍රථමවරට පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව ප්‍රසිද්ධියට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර හේතුවෙන්, සිසුන් 44,568කට ජාතික පාසල්වලට ඇතුළත් වීමට අවස්ථාව සැලසී ඇත.

     

    මෙහි පළමු අදියර යටතේ සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගත් සිසුන් 4,000 දෙනෙකු අතරමැදි ශ්‍රේණි වෙත ඇතුළත් කිරීමට අදාළව එක් එක් පාසල් විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවන ලද නිර්දේශිත නාම ලේඛන අනුමත කර මේ වනවිට විදුහල්පතිවරුන් වෙත යොමුකිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව විදුහල්පතිවරුන් විසින් අදාළ සිසුන් පාසල් වෙත ඇතුළත්කිරීමට දෙමව්පියන් වෙත දැනුම්දීම සිදුකරනු ලබයි.

     

    මෙහි විශේෂත්වය වූයේ, 1,5,6 සහ 11 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් බඳවාගැනීමේ ක්‍රමවේදයට අදාළ නිර්ණායක අනුව සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට පෙර, අයදුම්කරුවන්ටම තමාට හිමිවන ලකුණු සංඛ්‍යාව දැනගැනීමට අවස්ථාව සලසා තිබීමයි. මෙම අවස්ථාව නිසා සිසුන් ඇතුළත් කිරීමේ දී සිදුවිය හැකි අක්‍රමිකතා වැළකෙන අතර, නියමිත සුදුසුකම් සපුරන අයදුම්කරුවන්ට පමණක් අදාළ පාසල් වෙත ඇතුළත් වීමට ඉඩප්‍රස්ථාව සැලසී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya