අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘දියකාවා ක්ෂේත්‍ර යුධ අභ්‍යාසය’ අවසන් අදියරට ලඟාවේ Featured

    සැප්තැම්බර් 23, 2019

    උපාය මාර්ගික වශෙයන් එක් එක් රටවල ක්‍රියාත්මක ත්‍රස්තවාදය තුරන් කරමින් ජාතික ආරක්ෂාව ශක්තිමත් කර ගැනීම සඳහා "දියකාවා යුද අභ්‍යාසය" සුවිසේශී කාර්යභාරයක් ඉටුකරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකාවට මෙන්ම විදෙස් රටවල ආරක්ෂක කටයුතු සාර්ථක කර ගනිමින් ජාතික ආරක්ෂාව ශක්තිමක් කර ගැනීම සඳහා මේ යුද අභ්‍යාසය" හොඳ අත්දැකීමක් බව පවසන ඒ මහතා මෙය රටේ ආරක්ෂාවට වගේම අනාගතයේ ආරක්ෂක අංශවලට එක්වන නවකයන්ට හොඳ අත්දැකීමක් වන බවද පවසයි.

    ඒ මහතා මේ බව සදහන් කළේ ත්‍රිකුණාමලය, කුච්චවේලි ප්‍රදේශයේ දී අද (23) පස්වරුවේ පැවැති ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) අවසන් ප්‍රහාරක පුහුණු අභ්‍යාසය සඳහා එක් වෙමිනි. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දසවැනි වරට සංවිධානය කරන “දියකාවා යුද අභ්‍යාසය’ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ ද සහාය හිමිව තිබෙන අතර මේ යුද අභ්‍යාසය වෙනුවෙන් විදේශීය හමුදා සාමාජිකයින් සහ නිරීක්‍ෂකයින් 100 දෙනෙකුද සහභාගි වූහ.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් 2,400 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති මෙම ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය පසුගිය 3 දා ආරම්භ කරන ලද අතර අනාගත පරපුර වෙනුවෙන් මෙන්ම විදේශීය හමුදා සාමාජිකයින් හා සහභාගී වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ දැනුම සම්ප්‍රේරණය කිරීමට සහ යුදමය අත්දැකීම් හුවමාරු කරගැනීමට අතිශය පුළුල් සහ වඩාත් පරිපුර්ණ පුහුණු අභ්‍යාසයක් ලෙස වසර කිහිපයක් පුරා මෙම ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසය පවත්වනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya