අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "නව යොවුන් වියේ දරුවා තාක්ෂණයත් සමඟ වෙනස් වෙනවා" - එක්සත් ජාතින්ගේ  ජනගහන අරමුදලේ ශ්‍රි ලංකාවේ සහකාර  නියෝජිතවරිය පවසයි.

    සැප්තැම්බර් 19, 2019

    "නව යොවුන් වියේ දරුවා තාක්ෂණයත් සමඟ වෙනස් වෙනවා" - එක්සත් ජාතින්ගේ  ජනගහන අරමුදලේ ශ්‍රි ලංකාවේ සහකාර  නියෝජිතවරිය පවසයි.

    නිරෝගිමත් බව,ආරක්ෂාව හා සතුටින් සිටිම යන දැක්මකින් යුතුව නව යොවුන්  හා යොවුන් දරුවන් සම්බන්ධයෙන් මාධ්‍ය තුලින් ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න මාධ්‍ය වෘත්තිකයින් දැනුම්වත් කිරිමේ පුහුණු වැඩමුළුවක් අද (18) කොළඔ දි පැවැත්විණි.මෙය පවුල්  සෞඛ්‍ය කාර්යංශය හා එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදල (UNFPA) සංවිධානය කෙරිණි.

    2030 වන විට දි බිලියනයක්  වන වයස අවුරුදු  65 වැඩි ජනතාව අතර  බිලියන 1.3 තරුණයින් වේ.මේ වන විට වන යොවුන්වියේ සිටින දරුවා  නව තාක්ෂණය ඔස්සේ තම ජිවිත රටා සම්පුර්ණයෙන් වෙනසකට බඳුන් වි ඇති බවත්,කෘත්‍රිම බුද්ධිය මේ වන විට ඉදිරියට පැමිණ ඇති බවත්,මාධ්‍ය තුලින් ලබා ගත් තොරතුරු තරුණ පරපුර   වෙත සම්ප්‍රේෂණය කිරිමේ දි එය නිසියාකාරය ලබා දෙන්නේ කෙසේ දැයි මෙහි දි සාකච්ඡා විණි.මෙහිදි අදහස් දැක් වු එක්සත් ජාතින්ගේ  ජනගහන අරමුදලේ ශ්‍රි ලංකාවේ සහකාර  නියෝජිත මදුෂා  දිසානායක මෙහෙවිය පැවසුවේ,මාධ්‍ය තුලින් ලබාදෙන තොරතුරු සම්බන්ධයෙන් අප හට අවබෝධයක් තිබිය යුතු බවයි. එක්සත් ජාතිනගේ ජනගහන අරමුදලේ අරමුණ වන්නේ,මාතෘ මරණ ශුන්‍ය කිරිම,කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ශුන්‍ය කිරිම,පවුල් සැලසුම් අවශ්‍යතාවය ශුන්‍ය කිරිමයි. එමෙන්ම තරුණ ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරිමයි.කෙසේ වුවද තොරතුරු ලබා දිම හා එම තොරතුර ලබා  ගැනිමේ ගැටලුවක් තිබෙන හෙයින් එය අවම කර ගනිමින් මාධ්‍ය තුලින් තරුණාගේ ආකල්ප වැඩිදියුණු කිරිම කටයුතු බව වැඩි දුරටත් පැවසුවාය.

    ලෝක ජනගහනයෙන් 1/6ක් අවුරුදු 15ත් 24 අතරේ තරුණ තරුණියන් වන අතර දියුණු වෙමින් පවතින රටවල ඉන් වැඩි පිරිසක් ජිවත් වේ.නව යොවුන් වියේ පසුවන තරුණ තරුණියන්  මේ වන විට සමාජ ජාලා  භාවිත කරන අතර මෙමගින් දරුවන් හා දෙමාපියන් විශාල අභියෝග රාශියකට මුහුණ දෙමින් සිටියි.මිට දශක කිහිපයකට පෙර තරුණ දරුවන් මුහුණු දුන් ගැටලුවලට  හාත්පසින් ම වෙනස් ගැටලු මේ හරහා නිර්මාණය වි තිබේ.විශේෂයෙන් ආහාර,සෞඛ්‍ය,මත්ද්‍රව්‍ය පිළිබඳ ආකල්ප හා සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් දරුවන් දැනුම්වත් කිරිම මෙහි දි වැදගත් වේ.

    නව යොවුන් වියේදි  දරුවන් සයිබර්  ආරක්ෂාව සම්බන්ධයෙන් වඩා  සැලකිලිමත් විය යුතු බවත්,විශේෂයෙන් මේ වන විට මුහුණු පොත(face book) හරහා සිදු වන ප්‍රචණ්ඩත්වය හා හිංසනයන්ගේ ඉහළ යාමත් සිදු ඇති බවයි.එය 5‍්% කි.මේ වන විට අන්තර්ජාලය නාගරික මට්ටමින් 9%ක් වන අතර ජංගම දුරකතන භාවිතය 87%ක් වේ.එමෙන් ම අන්තර්ජාලය හරහා දරුවන් ලෙසින් පෙනි සිටිමින් දරුවන් සමඟ සම්බන්ධ වෙමින් අපයෝජනයට හා අපහරණයට ලක් විමේ අවස්ථාවන් ඉහල ගොස් තිබේ.මේ සැම ක්‍රියාවක් සම්බන්ධයෙන් මාධ්‍යවල පළවන හා සීමා රහිතව අන්තර් ජාලය හරහා සංසරණය වන තොරතුරු හේතුවෙනි.

    මින් මිදි ම සඳහා  පවුල තුල මාධ්‍ය සැලසුමක් ඇති කිරිම වැදගත් බව මෙහි දි අදහස් දැක් වු බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා නව යොවුන්  මනෝ වෛද්‍ය විශේෂඥ අපේක්ෂා හේවාගීගන මහත්මිය පැවසුවාය.දරුවන්  වඩ වඩාත් දෙමාපියන් සමඟ වැඩි කාලයක් ගත කිරිමත් ,මාධ්‍ය භාවිතයෙන් තොර රාත්‍රි ආහාර වේලක් පමණක් හෝ ලබා ගැනිමත්,දෙමාපින් තාක්ෂණික අවබෝධයක් ලබා ගැනිමත්,දරුවන්ගේ හැසිරිම් රටා තේරුම් ගැනිම වැදගත් බවද ඇය කිවාය.

    මෙහි දි මාධ්‍යට ඇති විශාල වගකිම වන්නේ,නිවැරදි තොරතුරු අනවශ්‍ය කුතුහලයකින් තොරව,එහි ආදිනව උලුප්පමින් පළ කිරිම බව ද හේවාගීගන මහත්මිය සඳහන් කලාය.

    මේ අවස්ථාවට පවුල් සෞඛ්‍ය  කාර්යංශයේ  අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය  විශේෂඥ  චිත්‍රමාලි ද සිල්වා මහත්මිය හා ප්‍රජා වෛද්‍ය  විශේෂඥ පාලිත කරුණාප්‍රේම මහත්මා ඇතුලු නිලධාන් පිරිසක් ද සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya