අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ත්‍රෛභාෂා පාසලක් ආරම්භ කිරීමට මුල්ගල තැබීම හෙට(20) මීරිගමදී

    සැප්තැම්බර් 19, 2019

     “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ සිදු කෙරෙන තවත් එක් වැඩසටහනක් ලෙස  නව ත්‍රෛභාෂා පාසලක් ඉදි කිරීමට මුල්ගල තැබීම හෙට(20) මීරිගම දී සිදු කෙරේ.

     කථානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම මත ඉදිකෙරෙන මෙම පාසල සඳහා මුල්ගල තැබීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමාට ගෞරවයක් ලෙස දොන් ස්ටීවන් විද්‍යාලය නමින් මෙම පාසල නම් කෙරෙන අතර මෙය  අයත් වන්නේ මිනුවන්ගොඩ  අධ්‍යාපන කලාපයටය. 

    “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ ඉදි කරන ශ්‍රී ලංකාවේ දෙවැනි ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත මිශ්‍ර පාසල වන මේ සඳහා ආයෝජනය කරන මුදල  රුපියල් මිලියන 1,141 කි. 

    අක්කර 12 ක භූමි භාගයක ඉදිවන මෙම පාසල වර්ෂ 2020 දී සිසු අයිතියට පැවරීමට යෝජිතය.  මෙහි  6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වීමට නියමිත අතර සුහුරු පන්ති කාමර ඇතුලු නවීන පහසුකම්වලින් මෙම පාසල සමන්විතවීම විශේෂත්වයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya