අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රැකියා සමඟ ශ්‍රමයට වටිනාකමක් සහ හැකියාවට සම්මානයක්- අප ඉදිරියට යා යුත්තේ එකමුතුභාවයත් සමගයි. - අගමැති

    අගෝස්තු 09, 2019

    ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර රට ඉදිරියට ගෙනයාමට නම් අලුත් අදහස් සමගින් සන්ධාන ගතවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූයේ. ඊයේ (9) කොළඹ පැවති දෑ අභිමානී 2019 සම්මාන උළෙලට එක්වෙමිණි.


    මහානගර අමාත්‍යංශයේ මෙහෙයවීම මත ක්‍රියාත්මක නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියෙහි, වැඩබිම්වල සේවය කරන ශ්‍රමිකයින්ගේ සේවය ඇගයීම සඳහා සංවිධානය කර තිබූ මෙම උපහාර උළෙල ඊයේ (08) සවස කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත් විණි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා පැවසූයේ ප්‍රජාත්‍රන්තවාදය සහ විනය යන දෙකම සමගින් ඉදිරියට යාම තුළින් ස්මාර්ට් සිටි හෙවත් අලුත් නගරයක් සඳහා පිය නැගිය හැකි බවයි.මෙම නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවසක් හිමි වී තම ජීවිතය සාර්තක කරගත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය රංග ලක්මාල් මහතා අග්‍රාමාත්‍යතුමාගේ පැසසුමට ලක් විය.

     

    ඉදිරියේ දී රජයේ මුදල් යොදවා කරන සෑම කොන්ත‍්‍රාත්තුවක්ම දේශීය ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට පමණක් ලබා දෙන බව මෙම අවස්ථාවට එක් වූ අදහස් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රනවක මහතා පැවසීය. ලංකාව තුල ඉදිරියේදි නිර්මාණය වන සියලුම ආයොජන අවස්ථා සදහන්වන නිල වෙබ් අඩවිය investlanka.lk. නිල වශයෙන් විවෘත කිරීමද අග්‍රාමාත්‍ය තුමන් අතින් සිදු විය.

     

    අනාගත කෘෂිකාර්මික භාන්ඩ හා සෙවා අලවියේ හැරවුම් ලක්ෂය වන manningmarket.lk නිල වෙබ් අඩවිය සහ mobile App ද මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා විසින් දියත් කරන ලදී. මෙමගින් ගොවියන්ගේ නිෂ්පාදන වැඩි මිලකට විකුණා ගැනිමේ අවස්ථාව උදාවන අතර පාරිභෝගිකයාටද වඩාත් ගුනාත්මක එලවළු සහ පලතුරු වර්ග අඩු මුදලකට ලබාගැනීමට හැකි⁣ වේ. තවද නිෂ්පාදන අපනයන කිරිමටද මෙමගින් හැකියාව ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya