මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජය අතර මිත‍්‍රත්වයේ සංකේතයක් ලෙස නා පැල ප‍්‍රදානයක් ජනපති අතින්

    අගෝස්තු 11, 2019

    ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජය අතර මිත‍්‍රත්වයේ සංකේතයක් ලෙස කාම්බෝජයේ ඕක් දොං ක`දුකරයේ පිහිටි භාවනා මධ්‍යස්ථානයට (Meditation center of ouk Dong mountain) ශ‍්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වන නා පැළ ප‍්‍රදානයක් සිදු කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින්  (10) පෙරවරුවේ සිදු විය.

    බුදු දහම මුල්කරගත් කාම්බෝජය සහ ශ‍්‍රී ලංකාව අතර සබඳතා සෑම ක්ෂේත‍්‍රයකින්ම වැඩිදියුණු කර ගැනීමේ අරමුණින් කාම්බෝජ රජතුමාගේ විශේෂ ආරාධනය පරිදි ජනාධිපතිතුමා පසුගියදා කාම්බෝජයේ සංචාරයකට එක් වූයේ ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයෙකු කාම්බෝජයේ රාජ්‍ය සංචාරයකට එක් වූ පළමු අවස්ථාව සනිටුහන් කරමිනි.

    උතුම් ති‍්‍රපිටකය ලෝක උරුමයක් බවට පත් කරමින් සහ ථෙරවාදි බුදු දහම සුරක්ෂිත කර ලොවට බෙදා හැරිමට ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකාව පුළුල් කාර්යයක් ඉටුකරමින් සිටින අවස්ථාවක ථෙරවාදි බුදුදහමින් පෝෂිත රටක් ලෙස ජනාධිපතිතුමාගේ කාම්බෝජ සංචාරය සුවිශේෂි වූ අතර සිය රාජ්‍ය සංචාරයේ දී දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කෙරෙන මෙන්ම බෞද්ධාගමික සබඳතා වැඩිදියුණු කෙරෙන වැඩසටහන් කිහිපයකට ද ජනාධිපතිතුමා එක් විය.

    එහි ප‍්‍රධාන වැඩසටහනක් ලෙස මෙම නා පැළ ප‍්‍රදානය සිදු කෙරිණි.

    ප‍්‍රධාන බෞද්ධාගමික රටක් වුවද නා ගස කාම්බෝජයේ දී දක්නට නොලැබෙන අතර අටවිසි බෝධි වෘක්ෂයන්ට අයත් බෞද්ධාගමික වශයෙන් සුවිශේෂ වැදගත්කමක් ඇති නා පැළ ප‍්‍රදානයත් සමග දෙරටේ බෞද්ධාගමික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇති බව කාම්බෝජ සංඝරාජ හිමිවරු ප‍්‍රකාශ කළහ.

    එමෙන්ම උන්වහන්සේලා පෙන්වා දුන්නේ කාම්බෝජය සහ ශ‍්‍රී ලංකාව අතර බෞද්ධාගමික සබ`දතාවය ඉතා ඈත අතීතයට විහිද යන බවත්, එම ඉතිහාස කතාවෙන් පසුව දෙරටේ බෞද්ධාගමික සබඳතා තහවුරු කිරීම වෙනුවෙන් කටයුතු කළ නායකයෙකු ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉතිහාසයට එක්වනු ඇති බවත් ය.

    පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ ද මෙහිදී අදහස් දැක්වූ අතර උන්වහන්සේ පෙන්වා දුන්නේ උතුම් බෞද්ධ දර්ශනය සුරක්ෂිත කිරීමේ සහ එය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ වැදගත්කම සැබෑ බෞද්ධ නායකයෙකු ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හඳුනාගෙන තිබෙන බවයි. ආසියානු බෞද්ධ සංගමයක් ද පිහිටුවා මහද්වීපයේ සියලු රටවල් ඊට එක් කර ගැනීමට එතුමා යෝජනා කර තිබෙන බව ද උන්වහන්සේ පැවසීය.

    එමෙන්ම උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ මී ළඟ බුදුන් වහන්සේ වන මෛතී‍්‍ර බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වන්නේ නා බෝධි සෙවණක් යටතේ බව සඳහන් වන බවත් පූජනීය නා පැළ පූජා කිරීමේ මෙම අවස්ථාව ඉතා උතුම් අවස්ථාවක් ලෙස ශාසනය ඉතිහාසයට එක්වන බවත්ය.

    කාම්බෝජ මහා සංඝරාජ හිමිවරු ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා – කාම්බෝජ ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya