මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරු ඇඟලුම් නිෂ්පාදනය 40%කින් වැඩි කිරීමට පියවර

    ජූලි 30, 2014
    අලව්ව හා යක්කල පිහිටි රණ විරු ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවල මේ වන විට 60%ක නිෂ්පාදනයක් සිදු කරන බවත් ඉතුරු 40%ක ප්‍රමාණය ද වැඩිකර ගැනීමට කටයුතු කරන බවත් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය මහතා පවසයි.
     
    අලුත් මැෂින්, ක්‍රමවේද අනුගමනය කරමින් නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමට අපේක්ෂා කෙරේ. මෙම කර්මාන්ත ශාලා දෙකෙහි නිලධාරීන් 27ක් සෙසු නිලයන් 1597ක් සේවය කරති. මේ අතරින් 80%ක ප්‍රමාණයක් ආබාධිත රණ විරුවන් වේ.
     
    මෙම කර්මාන්ත ශාලාවල සේවය කරනු ලබන්නන්ට රුපියල් 5200ක පමණ අමතර ආදායමක් ලබාගත හැකි බවත් මෙම ඇඟලුම් කර්මාන්ත ශාලා හේතුවෙන් වසරකට රුපියල් මිලියන 175ක් ඉතුරු කර ගැනීමට හැකි වන බවත් පෙන්වා දුන් වනිගසුරිය මහතා මෙම ආබාධිත සෙබළුන් රණ විරු සෙවණක හෝ අභිමංසලක සිටිය ද ඔවුන්ට ද රණ විරුවෙකු සඳහා ලබාදෙන මාසික වැටුප ලබාදිය යුතු බවත් දිරි දීමනා ඔවුන් නිෂ්පාදන කටයුතුවල නිරත වී සිටින බැවින් ලබාදෙන්නක් බවත් පෙන්වා දුන්නේ ය.
     
    අලුත්ගම ප්‍රදේශයේ පසුගිය දින ඇතිවු කලබලකාරී තත්ත්වය හේතුවෙන් විනාශයට පත් වු නිවාස 35ක් හා සාප්පු 07ක් සම්පූර්ණයෙන් ම නවීකරණය කොට හිමිකරුවන් වෙත භාර දී අවසන් වී ඇතැයි ද මෙහිදී බ්‍රිගේඩියර්වරයා මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.
     
    මේ වන විට නිවාස 103ක හා සාප්පු 25ක නවීකරණ කටයුතු සිදුකරමින් පවතී. සියලු නවීකරණ කටයුතු ත්‍රිවිධ හමුදා දායකත්වයෙන් සිදු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya