මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිනකට දකුණු ඉන්දියානු ධීවර බෝට්ටු 500ක් 600ක් මුහුදු සීමා උල්ලංඝනය කරනවා Featured

    ජූලි 30, 2014
    තමිල්නාඩු ධීවරයන් දිනපතා ශ්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වීම සඳහා පැමිණෙන බවත් එම ප්‍රමාණය යම් දිනවලදී 500ත් 600ත් අතර ප්‍රමාණයක් දක්වා වන බවත් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය මහතා පවසයි.
     
    දකුණු ඉන්දීය ධීවර බෝට්ටු 4000කට අධික ප්‍රමාණයක් පෝක් සමුද්‍ර සන්ධිය හා ඉන්දියන් සාගරය අවට මුහුදු කලාපයේ ධීවර කටයුතුවල නිරත වේ.
     
    තමිල්නාඩු ධීවරයන් පිරිසක් එළැඹෙන දිනකට ශ්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් රුවන් වනිගසූරිය මහතා ප්‍රකාශ කළේ මීට පෙර ද එම අවස්ථාවලදී ද එවන් ප්‍රකාශ සිදු කොට ඇති බවත් මෙය කටමැද දෙඩවීමක් වුවත් ඇත්ත වුවත් සියලු කටයුතු නාවික හමුදාව විසින් වළක්වාලනු ඇතැයි පැවසීය.
     
    ශ්‍රී ලංකාව විසින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව ආරක්ෂා කරගැනීම සඳහා විධිවිධාන යොදා ඇති බවත් එම කටයුතු ඉදිරියටත් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ඇතැයි ද වනිගසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.
     
    බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය මහතා මේ බව ප්‍රකාශ කළේ අද (30) කොළඹ, මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya