මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    150,000ක් ජාතික හැඳුනුම්පත් ලබාගෙන නැහැ Featured

    ජූලි 30, 2014
    මෙවර අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා 280,000ක පමණ අපේක්ෂයන් පිරිසක් ඉදිරිපත් වීමට නියමිතව ඇති බවත් මේ වන විට එම ප්‍රමාණයෙන් 150,000ක පමණ පිරිසක් ජාතික හැඳුනුම්පත් ලබාගෙන නොමැති බවත් පුද්ගලයන්  ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් භාග්‍යා ජයරත්න මහත්මිය පැවසුවාය.
     
    වයස අවුරුදු 16 සම්පූර්ණ වු විභාග අපේක්ෂකයන් 170,000ක පමණ පිරිසකගෙන් මේ වන විට ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා අයදුම්පත් ලැබී ඇති බවත් ඒ අතුරින් අයදුම්පත් 3000ක පමණ ප්‍රමාණයක් නිවැරදිව සම්පූර්ණ කර නොමැති ඒවා බවත් පැවසුවාය.
     
    ඒ මහත්මිය මේ බව සඳහන් කළේ අද (30) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. 
     
    වැරදි අඩුපාඩු සහිතව අයදුම්පත් ඉදිරිපත් කිරීමේ දී ඒවා නිවැරදි කිරීම සඳහා නැවත 
    අයදුම්කරුවන් වෙත යැවිය යුතු වනවා. එලෙස යැවීමට සිදුවන නිසා ප්‍රමාදයන් ඇති වෙනවා. සමහර අයදුම්පත් සමඟ එවා ඇති ඡායාරූප ප්‍රමිතියකට නෑ. සමහරෙක් මුද්දර ගාස්තු ගෙවා නෑ, අයදුම්කරුගේ අත්සන මෙන් ම සහතික කිරීමකින් තොරව ද අයදුම්පත් ලැබෙනවා. නිසි පිරිදි සම්පූර්ණ කළ අයදුම්පත් එවීමෙන් ඉතා කඩිනමින් හැදුනුම්පත් ලබාගැනීමට හැකිවෙනවා.
     
    මේ දිනවල දී ජාතික හැදුනුම්පත් ලබාදීමේ දී උසස් පෙළ හා සාමාන්‍ය පෙළ දරුවන් සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබාදී ඇතැයි පෙන්වා දුන් සහකාර කොමසාරිස්වරිය දරුවන් වෙනුවෙන් දෙමාපියන්ට ද පැමිණ ජාතික හැදුනුම්පත් ලබාගත හැකි බව වැඩිදුරටත් පැවසුවාය. 
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya