මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ අපේක්ෂකයන් වෙනුවෙන් හැඳුනුම්පත් කඩිනමින් Featured

    ජූලි 30, 2014
    මෙවර අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයන්ගෙන් මේ වන තෙක් ජාතික හැඳුනුම්පත් ලබාගෙන නොමැති අයදුම්කරුවන් සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය හරහා කඩිනමින් ජාතික හැඳුනුම්පත් ලබාගැනීමේ පහසුකම් සලසා ඇති බව පුද්ගලයන්  ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් භාග්‍යා ජයරත්න මහත්මිය පැවසුවාය.
     
    ඒ මහත්මිය මේ බව සඳහන් කළේ අද (30) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින්නන්ගේ වයස අවුරුදු 16 සම්පූර්ණ වී ඇති බැවින් සියලු දෙනාම පාහේ ජාතික හැඳුනුම්පත් ලබාගෙන ඇතැයි විශ්වාසය පළ කළ සහකාර කොමසාරිස්වරිය එසේ ලබාගැනීමක් සිදුනොකළ අයෙක් වෙත් නම් හැකි ඉක්මනින් ජාතික හැඳුනුම්පත ලබාගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලීය.
     
    තම දරුවා වෙනුවෙන් නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් එක්දින සේවය හරහා ජාතික හැඳුනුම්පත් ලබාගැනීමේ හැකියාව දෙමාපියන්ට ඇත.
     
    මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දූරකතන අංක  0112 585 043  ඇමැතීමෙන් ලබාගත හැකිය.  0112 593 634 යන ෆැක්ස් අංකය හරහාද මේ පිළිබඳ ව තොරතුරු ලබාගත හැකි වේ.
     
    අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 05වැනි දින ආරම්භ වීමට නියමිතව ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya