මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ හිටපු ස්විට්සර්ලන්ත තානාපති අගමැති හමුවේ Featured

    ජූලි 30, 2014


    ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා ලෙස සේවය කළ තෝමස් ලිට්ස්චර් මහතා (Thomas Litscher) තම සේවා කාලය නිම කර පිටව යාමට පෙර ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා විසුම්පායේ දී පසුගිය (28) මුණගැසී සාකච්ඡා කළහ.


    මෙහිදී දෙරටේ දියුණුව උදෙසා සුවිශාල කාර්ය භාරයක් ඉටු කිරීම වෙනුවෙන් තානාපතිවරයාට අග්‍රාමාත්‍යතුමා සුබ පැතුම් එක් කළේය.


    ඉන් අනතුරුව තම සේවා කාලය අවසන්ව පිටත්ව යන තානාපතිවරයා අමතා අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ, “ස්විට්සර්ලන්තය හැමදාම අපිට සහයෝගය දැක්වූවා. නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය සඳහා මානුෂීය ආධාර සහ ඖෂධ හා ඖෂධීය උපකරණ ලබාදීමට කටයුතු කිරීම, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මම ඉතා අගය කරනවා. දශක තුනකට වැඩි කාලයක් පැවති යුද්ධ නිමාකොට සාමය ස්ථාපිත කිරීමට අපි කටයුතු කර තිබෙනවා. 2013 වසරේ උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණය පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමටත්, සිවිල් පරිපාලනය ඇති කිරීමටත් කටයුතු කර තිබෙනවා. ඊට අමතරව උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කර තිබෙනවා.

     ඒ වගේම මම විශ්වාස කරනවා අප දෙරටේ වෙළඳ ගිවිසුම් වඩාත් ශක්තිමත් කර ගැනීමට 2012 වසරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 36,444 උපයාගෙන තිබෙනවා. මම යෝජනා කරනවා සහයෝගිතා ගිවිසුමක් ඇති කර ගෙන දෙරටේ වෙළඳ කටයුතු වඩාත් ශක්තිමත් කර ගත යුතුයි කියා.
    අප රටේ සංචාරක කර්මාන්තය දියුණු කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජය ලබාදෙන සහයෝගය මම මේ අවස්ථාවේ අගය කොට සලකනවා. 2012 වසරේ දී ස්විට්සර්ලන්ත සංචාරකයින් 20,054 දෙනෙක් පැමිණ තිබෙනවා. ඒ පිළිබඳවත් මම ඔබටත්, ඔබේ රජයටත් ස්තුති වන්ත වෙනවා. ඒ වගේම දෙ‍රටේ සබඳතාවන් වඩාත් ශක්තිමත් කර ගැනීමට ඔබ දැක්වූ සහයෝගය මම වඩා අගය කොට සලකනවා”.
     

    මෙහිදී තානාපති තෝමස් ලිට්ස්චර් මහතා පවසා සිටියේ, “ශ්‍රී ලංකාව ඉතා සුන්දර රටක්. මම පමණක් නොවෙයි, අලුතින් පත්ව එන තානාපතිතුමා ද ශ්‍රී ලංකාවට උදව් කිරීමට කැමැත්තෙන් සිටිනවා. ඒ නිසා දෙරටේ මිත්‍රශීලි භාවයට, සහයෝගිතාවට උණුසුම් සුබ පැතුම් එක් කරන බවයි.“

     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya