මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මව්කිරි දීමේ සතිය අගෝස්තු 01 සිට 07 දක්වා Featured

    ජූලි 31, 2014
    මව්කිරි දීම ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජාතික මව්කිරි දීමේ සතියක් සෑම වසරකම අගෝස්තු 01 සිට 07 දක්වා ක‍්‍රියාත්මක කෙරේ. "මව් කිරි දෙමු - දිවිය දිනමු" යන්න මෙවර තේමාව ලෙස හඳුන්වාදී තිබේ. 


    මව්කිරි දීම ප‍්‍රවර්ධනය කිරීම තුළින් 2015 වසර වන විට ළඟා කර ගත යුතු සහශ‍්‍ර සංවර්ධන දර්ශක 08 කරා ළගාවීම සෞඛ්‍ය අමාත්‍යාශයේ අරමුණයි. 

     

    ලෝකයේ මව්කිරි දීම අතින් ඉහළ ස්ථානයක ශ‍්‍රී ලංකාව සිටින බවත් දැනට මෙම තත්ත්වය 75%ක මට්ටමක පවතින බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය ඊයේ (30) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත‍්‍රණයේදී පැවසුවාය. මේ තත්ත්වය 90% දක්වා වැඩි කර ගැනීමට මෙම සතිය තුළ ක‍්‍රියාත්මක වන වැඩසටහන් හරහා අපේක්ෂා කෙරෙන බව ද ඇය සඳහන් කළාය.

     

    ළදරුවකුගේ මොළයේ වර්ධනයට අත්‍යවශ්‍ය සංඝටකයක් වන ලැක්ටෝස් සීනි වර්ගය වැඩිපුර අඩංගු වන්නේ වෙළෙඳපොළේ පවතින පිටි කිරිවලට වඩා මව්කිරිවල වීම විශේෂත්වයක් ගනු ඇත. මොළයේ වර්ධනයට ඉවහල් වන සංඝටක 10ක වැඩිවීමක් මව්කිරි දීම තුළින් සිදුවන බව ද සොයිසා කාන්තා රෝහලේ නවජන්ම විශේෂඥ වෛද්‍ය නිෂානි ලූකස් මහත්මිය ද මෙහිදී පැවසුවාය.

     

    මව්කිරි ලබාදෙන ළදරුවෙකුට බඩේ අජීර්ණ, කනේ ආසාදන, දත් නරක්වීම, ශ්වසන ආබාධ, හෘද රෝග හා අධික ස්ථුලතාව වැනි රෝගී තත්ත්වයන් ඇති නොවන බව ද විශේෂඥ වෛද්‍ය නිෂානි ලූකස් මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

     

    දරුවෙකු ඉපදී මුල් පැය තුළ මව්කිරිදීම ආරම්භ කළ යුතු වන අතර මෙම ක‍්‍රියාවලිය මාස 06ක් අඛණ්ඩව ලබාදීම සිදු කළ යුතු වේ. ඉන්අනතුරුව මව්කිරි සමඟ අමතර ආහාර වේල් ලබාදීම කළ හැකි වනු ඇත. දරුවෙකුට අවම වශයෙන් වසර 02ක කාලයක්වත් මව් 
    කිරීදීමට හැකි නම් වඩාත්ම සුදුසු බව ද මෙහිදී අනාවරණය විය. 

    රැකියාවට යන මවකට මව්කිරිදීමේ ගැටලුවක් නොපවතින බවත් මව් කිරි දොවා ශීතකරණයක තබා දරුවාට ලබාදීමට හැකියාව තිබේ. මව්කිරි දොවා සාමාන්‍ය උෂ්ණත්වයේ පැය 06ක්ද, ශිතකරණයේ පැය 24ක් හා අධි ශීතකරණයේ මාසයක් පමණ තැබිය හැකි 
    වනු ඇත. යම් කිසි මවකට මව්කිරිදීම පිළිබඳව ගැටලුවක් ඇත්නම් මව්කිරි කළමනාකරණ මධ්‍යස්ථාන හරහා ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට ද හැකියාව ඇත. මෙවැනි මධ්‍යස්ථාන 44ක් මේ වන විට රජයේ රෝහල් තුළ පිහිටුවා තිබේ. 

     

    මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ii වෛද්‍ය ආර්.ආර්.එම්.එල්.ආර්. සියඹලාගොඩ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය නීලමනී හේවාගීඟන, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හිරන්‍යා ජයවික‍්‍රම හා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ධම්මිකා රොවෙල් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 

       

    NDH/SK_cmu 

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya