මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම එහි අති විශිෂ්ට සේවකයින් අගයයි

    ජූලි 30, 2014

    ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සේවා සම්පාදකයා වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින්, 2013 වසරේදී සමාගමේ කාර්යය සාධනය හා පරිවර්තනීය ප‍්‍රගතිය ඉහළ නැංවීම සඳහා අනභිභවනීය දායකත්වයක් දැක් වූ සේවකයින් අගයනු පිණිස ‘Trans Formers Awards’ සම්මාන උළෙල සාර්ථක ලෙස පසුගියදා පවත්වන ලදී.

    මෙම සම්මාන උළෙල මෑතකදී කොළඹ සිනමන් ග‍්‍රැන්ඩ් හෝටලයේදී පැවැත්වුණු අතර සමාගම විසින් එහි සේවකයින්ව පිළිගැනීමට ලක් කරන ආකාරය පිළිබඳ කදිම සලකුණක් ඉන් සපයනු ලැබිණි.විදුලි සංදේශන හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.


    සමස්ත සමාගම නියෝජනය කරන විවිධ සමූහ, වෘත්තීය මට්ටම් හා ශ්‍රේණි අතරින් තෝරා ගනු ලැබූ සේවක මහත්ම මහත්මීන් වෙත එහිදී සම්මාන හා තිළිණ ප‍්‍රදානය කරන ලදී. එමෙන් ම ජයග‍්‍රාහකයින් හට නවාතැන් පහසුකම් සහිතව ගුවන් ටිකට්පත් ලබා දීම වැනි සිත් ගන්නා සුළු ත්‍යාග මෙහිදී පිරිනමන ලදී. සම්මානලාභීන් තෝරා ගැනීම සඳහා සෑම සමූහයකින්ම නාමයෝජනා ලබා ගැනුණු අතර, සුවිශේෂී ඇගයීම් කමිටුවක් විසින් සිදු කෙරුණු සවිස්තර ඇගයීමකින් පසුව පැවැත්වුණු සම්මුඛ පරීක්‍ෂණ ඇසුරින් ජයග‍්‍රාහකයින් තෝරා ගන්නා ලදී. සේවක මහතුන් මහත්මීන් ඇගයීමට ලක් කෙරුණේ ඔවුන් සතු ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටත්වය, ව්‍යාපාර වෙනස්කම් කළමනාකරණය, ව්‍යාපෘති සඳහා දක්වන ලද අනුග‍්‍රාහකත්වය, නායකත්ව විශිෂ්ටත්වය, ආදර්ශවත් සේවකයින් සහ වෙනසක් උදා කිරීමට හේතු පාදක වන අදහස් ආදී නිර්ණායක රැසකට අනුගත වෙමිනි. එසේම, 2013 වසරේදී ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම වෙත අති විශිෂ්ට සේවා දායකත්වයක් දැක්වූ හොඳම සේවක මහතුන් මහත්මීන් වෙත සමූහ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා විසින් විශේෂ සම්මානයක් පිරිනැමීමද මෙහිදී සිදු විය.

    මෙම අවස්ථාවට එක් වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, ‘ජාතියක් වශයෙන් අප සියලු ම දෙනා මෙරට දැවැන්තම තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සේවා සැපයුම්කරුවා වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම නිසා ලැබෙන ආර්ථික ප‍්‍රතිලාභ පිළිබඳ ව ආඩම්බරයට පත් විය යුතුයි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සැපයුම්කරුවා වශයෙන් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම තොරතුරු සන්නිවේදන යටිතල පහසුකම් කෙරෙහි විශේෂ අවධානයක් යොදවා තිබෙනවා. ඊට හේතුව තමයි සමාගම සම්බන්ධ වී සිටින ‘ලංකා ඊ-රාජ්‍ය ජාලය’නමැති රාජ්‍ය වැඩසටහන සහ අනෙකුත් ප‍්‍රධාන ආර්ථික ප‍්‍රභවයන් හරහා ආර්ථික සවිගැන්වීමක් උදාකිරීමේ අවශ්‍යතාවය.

    Trans Formers Awards සම්මාන උළෙල පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී ලලිත් ද සිල්වා මහතා පැවසුවේ, “අප ගිය වසරේදී අපේ සමාගම තුළ විශාල වෙනසක් ඇති කළා. එහිදී, රජය සතු ශ‍්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා ගෙන යාමේ ප‍්‍රයත්නය වෙත සහාය දක්වමින් අප රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන අපගේ ව්‍යාපාරික උපායමාර්ග ගැන නැවත සිතා බැලීමක් කළා. නවතම තාක්‍ෂණයන් හඳුන්වා දීම, දැවැන්ත දිගු කාලීන ආයෝජන වගේම අප සමාගම ඉහළ ම කාර්යය සාධනයක් ඇති සංවිධානයක් බවට පත් කිරීම සඳහා හොඳම ක‍්‍රමවේද හා භාවිතයන් යොදා ගැනීම වැනි දේවල් ඒ අතර වෙනවා. මේ නිසා Trans Formers Awards සම්මාන උළෙළ ඇත්තෙන් ම 2013 වසරේදී කැපවීමෙන් වැඩ කළ, ඒ වගේම පසුගිය වසරේදී සමාගමේ කටයුතු වෙනසකට බඳුන් වීමට හේතු වූ අසමසම ආකාරවලින් දායකත්වය දැක්වූ අපගේ සේවකයින් සියලු ම දෙනා වෙත පිරිනැමෙන තිළිණයක්. මෙරට ජාතික තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සේවා සම්පාදකයා වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම ශ‍්‍රී ලංකා රජයේ දැක්ම හා ජාතික න්‍යායපත‍්‍රයට අතිශයින්ම අනුකූලව කටයුතු කරන ආයතනයක්. අපේ රටේ සන්නිවේදන ක්ෂේත‍්‍රය තවදුරටත් ශක්තිමත් කිරීමේ උත්පේ‍්‍රරකයක් වශයෙන් අප සිටිනවා. මෙය අනෙකුත් සෑම ව්‍යාපාරික හා ආර්ථික අංශවලට දියුණු වීමටත්, රජය සතු ජාතික අභිලාෂයන්ට එකඟව කටයුතු කිරීමටත් අවශ්‍ය පදනම මෙමගින් සැපයෙනවා.’’

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya