මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා බැංකුවේ 75 වැනි සංවත්සරය අගෝස්තු 01 Featured

    ජූලි 30, 2014

    ලංකා බැංකුවේ 75 වැනි සංවත්සරය අගෝස්තු 01වන දාට යෙදී ඇත.

    ශ්‍රී ලාංකේය මූල්‍ය හා බැංකුකරණ හැඩගැස්වීමේ 75වන වසරක සේවය උත්සවාකාරයේ සැමරීමට ලංකා බැංකු සියලු ම කටයුතු සූදානම් කර ඇති බව ලංකා බැංකු සභාපති එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා පැවසීය.

    ලංකා බැංකු සභාපතිවරයා මේ බව පැවසුවේ අද (30) පෙරවරුවේදී කොළඹදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
     
     

    එහිදී සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, ලංකා බැංකුව 1939 අගෝස්තු මස 01වන දින බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් ඇන්ඩෘ කැල්ඩිකෝට් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව, බ්‍රිස්ටල් වීදියේ, අංක 41 දරන ස්ථානයේදී ආරම්භ වූ බවයි. එතැන් පටන් මේ දක්වා දිගු ගමන් මාවතක පැමිණි ලංකා බැංකුව ජාතියේ මහා පහන් ටැඹ ලෙස මූල්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ස්ථානයක් හොබවන අතර, ශ්‍රී ලංකේය බැංකුකරණය හා මූල්‍ය කර්මාන්තයේ ස්වරූපය වෙනස් කරමින් බැංකුව වසර  පහක කාල සීමාවක් සඳහා වූ ඇ.ඩො. මිලියන 500ක බැඳුම්කර නිකුතුවන් ඉතා සාර්ථකව නිමාවට පත් කර ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කළ පළමු ශ්‍රී ලාංකේය බැංකුව බවට පත් වූ බවද සභාපතිවරයා පැවසීය.

    මේ වන විට ලංකා බැංකුව සතු ශාඛා 619ක් ඔස්සේ මහජනතාවට විවිධ බැංකු හා මූල්‍ය පහසුකම් සපයා දීමට ලංකා බැංකුව සමත් වී ඇත. ඉදිරියේදී දිවයිනපුරා ඇති සියලු ම ලංකා බැංකු ශාඛා නවීන තාක්ෂණය සමඟ මුසු කර ගනුදෙනුකාර භවතුන් වෙනුවෙන් වඩාත් උසස් හා කාර්යක්ෂම සේවා රැසක් ඔස්සේ හිමිකර දීමට තමා ඇතුළු තම කාර්යමණ්ඩලය කටයුතු කරන බවද මෙහිදී සභාපතිවරයා තවදුරටත් පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් බැංකුවේ අනාගත ව්‍යාපෘතියෙහි දිශාවන් පිළිබඳව අවධාරණය කරමින් සභාපතිවරයා; "අපගේ ශක්තිමත් ක්ෂේත්‍රයෙහි සහ අන්තර්ජාතික බැංකුකරණ ක්ෂේත්‍රයෙහි අප ලබා ගෙන ඇති කැපී පෙනෙන නිරාවරණයෙහි වාසිය උපයෝගී කර ගනිමින් අප ඉතා ශක්තිමත් ශ්‍රී ලාංකේය සන්නම් නාමයක් ජාත්‍යන්තරව ගොඩනගා ගනිමින් රටෙහි ප්‍රතිරූපය ඉහළ නැංවීමට ක්‍රමෝපායන් යොදා ගෙන ඇත. අපගේ එතෙර ශාඛා ජාලය නුදුරු අනාගතයේදී අප්‍රිකානු මහාද්වීපයට, ඉන්දියාව හා නැගී එන වෙනත් වෙළෙඳපොළ කිහිපයක් වෙත ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇතැ."යි පැවසීය.


    ලංකා බැංකුවේ 75වන සංවත්සරයට සමගාමීව, ලංකා බැංකු කාර්යමණ්ඩල දැනුවත් කිරීමේ වැඩසටහන්, පාපැදි තරග, ලංකා බැංකුවේ වසර 25ක සේවා කාලයක් හිමි ඇගයීම, රන්කැකුළු සංසද මගින් සංවිධානය කරනු ලබන චිත්‍ර, රචනා තරග වැනි වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. 75වන සංවත්සරය සැමරෙන ලබන (01)දා සර්ව ආගමික උත්සවයක් මෙන්ම ලේ දන්දීමේ උත්සවයක් ද පැවැත්වීමට පියවර ගෙන ඇත.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya