මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පොස. උසස් පෙළ උපකාරක පන්ති අද සිට තහනම්

    ජූලි 30, 2014
    අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සඳහා අද (30) මධ්‍යම රාත්‍රී 12.00න් පසුව විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.


    මේ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනතට අනුව මෙලෙස අමතර පන්ති පැවැත්වීම තහනම් කර ඇත.

     

    මෙම විභාගයට ම පෙනී සිටින විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය, මෙහෙයවීම සහ පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, එම විභාග සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්නපත්‍රවලට අදාළ ප්‍රශ්න ලබා දෙන බවට සඳහන් පෝස්ටර්, බැනර්, කටවුට්, අත්පත්‍රිකා යනාදිය විද්‍යුත් මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම මේ අනුව සපුරා තහනම් කර ඇත. 

     

    මේ අනුව ක්‍රියා නොකරන අය කෙරෙහි දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ද මේ කරුණු කඩකරමින් විභාග නීති රීති උල්ලංඝනය කරන අයෙකු හෝ ආයතනයක් වෙත් නම් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටී. විභාග දෙපාර්තමේන්තුවේ දූරකතන අංක 01127842080112784537 හෝ විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංක 1911ට හෝ පොලිස් මුලස්ථාන දූරකතන අංක 0112421111 හෝ දැනුම් දිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya