මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්දය පිළිබඳ තොරතුරු 1919 හරහා Featured

    ජූලි 30, 2014
    ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් තැපෑලෙන් ඡන්දය දීම සඳහා අවශ්‍ය ඡන්ද හිමි නාමලේඛන ලියාපදිංචියට අදාළ තොරතුරු දූරකතන අංක 1919 හරහා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වෙතින් ලබාගත හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    දූරකතන මාර්ග අවහිරතා නිසා ඇතිවන අපහසුතා වැළැක්වීම පිණිස පස්වරු 3.00 සිට පස්වරු 7.00 දක්වා මෙම විමසීම් සිදු කරන ලෙසත් මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉල්ලා සිටී.
     
    ඡන්දය දීම සඳහා හිමිකම් ඇති ඡන්ද විමසීම් රාජකාරිවල නිරත වන රජයේ නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ආරක්ෂක කටයුතුවල නිරතවන පොලිස් නිලධාරීන්ට හා ආරක්ෂක හමුදාවල සාමාජිකයින්ට ද මේ හරහා තොරතුරු ලබාගත හැකිය.
     
    ඌව පළාතේ පළාත් සභා ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම්පත් භාරගැනීම අගෝස්තු 06 දිනෙන් අවසන් වේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya