අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලනික පසුබිමක සිට අධ්‍යාපනයට චෝදනා එල්ල කරනවා Featured

    මාර්තු 31, 2014

    මහින්ද චින්නයෙන් නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ දැවැන්ත හැරවුමක් ආරම්භ කර තිබෙන අවස්ථාවේ නොයෙක් විවේචන, චෝදනා එල්ල වුවත් එය අධ්‍යාපනය සම්පූර්ණයෙන් අමතක කළ සරල මතුපිටක සිදු වන දේශපාලනික විවේචන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ පළමු පන්තියට උසස්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති අතර එහිදී අමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.


    විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය තුළින් විභාගය සමත් ජීවිතය අසමත් දරුවන් බිහිවීමෙන් ඇති වන සමාජ අර්බුදය වැළැක්වීම සඳහා ජීවිතය සමත් දරුවන් දැයට දායාද කිරීම සඳහා මහින්දෝදය පාසල් 1000ක් ප්‍රතිනිර්මාණය කිරීම, උසස් පෙළ සඳහා තාක්ෂණවේදී විෂය ධාරාව ආරම්භ කිරීම යනාදී දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දුන් එකම රාජ්‍ය නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    එදා ශ්‍රී ලංකාවටත් වඩා ඉතා පහළ මට්ටමක සිටි කොරියාවේ 1968 දි තාක්ෂණය පිළිබඳ විෂය 6 ශ්‍රේණියේ සිට ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට පිරිස් කොරියන් භාෂාව ඉගෙන ගෙන එරට රැකියා සඳහා යන තත්ත්වයට පත් වී සිටින බවත් මෙරට අකුරු පමණක් උගත් පිරිසක් නිර්මාණය කිරීමේ ‍‍ඛේදවාචකය ඉවත් කර ආකල්පමය වෙනසක් සමාජය තුළ ඇති කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


    තාක්ෂණවේදී විෂය ධාරාව තුළින් මලකඩයින් පිරිසක් නොව ජීවිතය සමත් පිරිසක් බිහි වන බවත් ගුරුවරයා උගන්වන දේ තුළින් දරුවාගේ ජීවිතයට නව අගයක් එකතු වෙනවා ද යන්න සිතිය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    NDH/KPM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya