මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව පකිස්තානු ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවේ

    ජූලි 25, 2014
    ශ්‍රී ලංකාවේ පකිස්තානු තානාපති කාර්යාලයට අලුතින් පත්වී පැමිණි පකිස්තානු ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මඩ් රජීල් ඉෂාඩ් ඛාන් මහතා ඊයේ (24) දින ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ පරිශ්‍රයේ දී එම අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසිණ.
     
    මෙම අවස්ථාව සඳහා සිය ධූර කාලය නිමවා සේවයෙන් ඉවත්ව යන හිටපු පාකිස්තානු ආරක්ෂක උපදේශකවරයා වන කර්නල් ෂෙහාර්යා පර්වේස් බට් මහතා ද සහභාගී විය.
     
    මෙහිදි ආරක්ෂක ලේකම්වරයා හා ඉෂාඩ් ඛාන් හා පර්වේස් බට් යන මහත්වරුන් අතර ඉතා සුහද පිළිසඳරක් පැවති අතර අවසානයේ දී ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා සේවයෙන් ඉවත්ව යන පකිස්තානු ආරක්ෂක උපදේශක පර්වේස් බට් මහතා‍ වෙත සිහිවටන තිළිණයක් ද පිරිනමන ලදී.
     
    DB
     
    New Pakistan Defence Attac calls on Secretary Defence 20140724 05p2
     
     
    New Pakistan Defence Attac calls on Secretary Defence 20140724 05p3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya