මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනන්ද විද්‍යාලීය නේවාසිකාගාර ශත සංවත්සරය

    ජූලි 25, 2014
    කොළඹ ආනන්ද විද්‍යාලයේ නේවාසිකාගාරයට වසර 100ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද ආනන්ද විද්‍යාලීය නේවාසිකාගාර ශත සංවත්සරය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ආනන්ද විද්‍යාලයේ දී පවත්වන ලදී.
     
    විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ද වන ප්‍රධාන අමුත්තා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිවරුන් විසින් පිළිගැනීමෙන් අනතුරුව නේවාසිකාගාරයේ සවිකර තිබූ සිහිවටන එලකය නිරාවරණය කරන ලදී.
     
    මෙහිදී සිය අදහස් පළ කළ ආරක්ෂක ලේකම්වරයා විසින් රටේ සංවර්ධනයට මෙන්ම තිස් වසරක් පුරා අප රටේ තිබූ දරුණු ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම සඳහා ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින්ගෙන් සිදුවූ කාර්යභාරය ඇගයීමට ලක් කළේය.
     
    ඉන් අනතුරුව පිළියෙල කර තිබූ එළිමහන් වේදිකාව වෙත පැමිණි ප්‍රධාන අමුත්තා ඇතුළු පිරිස විසින් සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ප්‍රවීණ ගායක ගායිකාවන් වන විශාරද එඩ්වඩ් ජයකොඩි, සංගීත් නිපුන් සනත් නන්දසිරි, භාතිය සන්තුස්, ජනනාත් වරකාගොඩ හා නිරෝෂා විරාජිනී යන අය සහභාගීවූ සංගීත සංදර්ශණයක් නැරඹීම සඳහා එක්විය. එසේම චන්න උපුලී නර්ථනායතනය විසින් ඉදිරිපත් කරන ලද නර්ථනයන්ගෙන් ද මෙම වේදිකාව බොහෝ සේ වර්ණවත් කරනු ලැබීය. 
     
    මෙම අවස්ථාව සඳහා අවට පාසැල්වල විදුහල්පතිවරුන්, ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින්, ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන් හා ශිෂ්‍යයෝ විශාල පිරිසක් සහභාගී වුහ.
     
    DB
     
    20140725 01p3
     
    20140725 01p5
     
    20140725 01p10
     
    20140725 01p15

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya