මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූල්‍ය කළමනාකරණය වගේම යහ පාලනයත් ඉතා වැදගත්

    ජූලි 26, 2014

    ආයතනයක මූල්‍ය කළමනාකරණය ඉතා වැදගත් වන අතර ආයතනයක යහපාලනයත් ඉතා වැදගත් වන බවත් යහපාලනයේ මූලිකම දෙය දුෂණයෙන් හා වංචාවෙන් තොර රටක් ගොඩනැගීම සඳහා කැපවීම රාජ්‍ය සේවකයන් වන ඔබගේ පරම යුතුකමක් වන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ පදනම් ආයතනයේ "ආයතන කළමනාකරණය හා මූල්‍ය කළමනාකරණ ප‍්‍රමිති ඉහළ නැංවීම" යන මාතෘකාව යටතේ පැවති
    වැඩමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ප‍්‍රධාන ගණකාධිකාරී ආර්.එස්. රාජපක්ෂ මහතා හා මූල්‍ය හා ගිණුම් අංශය මඟින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි. මෙම වැඩමුළුව සඳහා ධීවර දෙපාර්තමේන්තුව, ලංකා ධීවර සංස්ථාව, ලංකා ධීවර වරාය සංස්ථාව, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, නාරා ආයතනය, සීනෝර් ආයතනය, පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ කළමනාකරණ භාරය යන ආයතනයන්හි මූල්‍ය හා ගිණුම් අංශ සාමාජික සාමාජිකාවන් 200ක් පමණ සහභාගි වූහ.

     

    මෙහිදී අමාත්‍යාංශ ගිණුම් අංශයේ වැටුප් ලිපිකරු රංජිත් පෙරේරා මහතාට රෝද පුටුවක් පිරිනැමීම අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අතින් සිදු විය. මෙම රෝද පුටුව ගිණුම් අංශයේ ඉල්ලීම පරිදි සී-නෝර් පදනම මඟින් පරිත්‍යාග කර තිබුණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය. ආයතන කළමනාකරණය පමණක් නො ව යහපාලනය ගැන ලෝකයම කතා කරනවා. යහපාලනයේ මූලිකම දෙයක් තමයි දුෂණයෙන් තොර රටක්. එතනදී ඔබට ඉතා වැදගත් වගකීමක් පැවරෙනවා. ඒ සඳහා මූල්‍යමය තත්ත්වයක්, මූල්‍යමය ක‍්‍රමවේදයක් ඇති කරගත යුතුයි. රටක ක‍්‍රමවේදයක් නැති වුණාම තමයි නොයෙකුත් විශාල මූල්‍ය අර්බුද ඇති වන්නේ. මේ ආයතන කඩාගෙන වැටුණහම මූල්‍ය අර්බුද එනවා. අපි දැක්කා පසුගිය කාලයේ නොයෙකුත් මූල්‍ය අර්බුද නිසා ලෝකයේ විශාලම ආයතන කඩාගෙන වැටෙනවා. අයිස්ලන්තය වගේ රාජ්‍ය කිව්වා "අපි බංකොලොත්" කියලා. එය සිදුවුණේ මූල්‍ය කළමනාකරණයක් නොමැති වීම නිසාත්, තියෙන මුදල් හරියට පරිහණය කිරීම ගැන අවබෝධයක් නැතිවීම නිසයි. ස්පාඤ්ඤයට මූල්‍ය අර්බුදය ආවා. අන්තිමට ආණ්ඩු අයින් කළා. එම රටවල්වලට ලෝක බැංකු නියෝජිතයන් පත්කළා . ස්පාඤ්ඤය, ඉතාලිය ආදී රටවල් අද පාලනය කරන්නේ ලෝක බැංකු නියෝජිතයන්. ආයතනයක් වුණත්, රටක් වුණත් කොයි එකකටවත් මුල්‍ය කළමනාකරණය නැතුව ඉදිරියට යන්න බැහැ. ඒ නිසා 1995 දී පාර්ලිමේන්තු අංක 15 දරන පනතින් ආයතනවලට බලය දුන්නා මූල්‍ය ප‍්‍රමිතීන් හඳුනාගෙන ඒවා ක‍්‍රියාත්මක කිරීමට. අධික බලතල පාර්ලිමේන්තුව ලබාදීලා තියෙනවා මේ සඳහා ක‍්‍රියාකරන්න. එතකොට මේ සේරම බලතල ලබාදෙන්නේ මූල්‍ය කළමනාකරණය හොඳින් කරගෙන යන්න හැකි බව ද ඔහු පැවසීය.


    ආයතන කළමනාකරණයත් සමඟ මූල්‍ය කළමනාකරණයත් සිදු විය යුතුයි. අද තියෙන්නේ වෙළෙඳ ආර්ථිකයක්. සමහර ආණ්ඩු කළේ ආයතන පාඩුවෙලා විකුණලා දැම්මා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය එහෙම විකුණන්නේ නැහැ. මෙහි ප‍්‍රධානම දේ තමයි මූල්‍ය කළමනාකරණය. අලුත් අත්දැකීම් අනුව ඉදිරිය ගොඩනගන්නේ කොහොමද? ආයතන දියුණු කරන්නේ කොහොමද? කියන දේ වැදගත් වෙනවා. මෙම වැඩමුළුවෙන් පසු ආයතනවල දියුණුව බලාපොරොත්තු වෙනවා. සියලු ආයතන එක්ව රට ගොඩනගන්න හැම දෙනාටම යුතුකමක් තියෙනවා ආයතන හරහා රටට වැඩක් කරන්න” යැයි පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya