මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාමසාන් වෙනුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් වියළි ආහාර පාර්සල් Featured

    ජූලි 25, 2014

    ඉස්ලාම් භක්තිකයින්ගේ රාමසාන් උත්සවය නිමිත්තෙන් පැලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ මෙහෙයවීමෙන් අඩු ආදායම්ලාභී මුස්ලිම් ජනතාවට වියළි ආහාර පාර්සල් බෙදාදීම පසුගිය බදාදා පැලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේදී සිදු කෙරුණි.


    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි. මෙම වියළි ආහාර ද්‍රව්‍ය පාර්සලයක වටිනාකම රුපියල් 2000.00ක් පමණ වේ. මෙහිදී අඩු ආදායම්ලාභී පවුල් 175කට වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදා දෙනු ලැබීය. මේ සියල්ලේ වටිනාකම රුපියල් 350,000ක් පමණ වේ. 

    ඉන් අනතුරුව අමාත්‍යවරයා මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ලංකා බැංකු ශාඛාවේ පළමු සංවත්සරය නිමිත්තෙන් පැවැති ලේ දන්දීමේ පූණ්‍ය කර්මයටද සහභාගි විය. 

    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, ලංකා ධීවර සංස්ථා සභාපති මහිල් සේනාරත්න, පැලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික‍්‍රමාරච්චි, ලේකම් ජයන්ත කුරේ, භාණ්ඩාගාරික ඩබ්ලිව්.ඩී. 
    විල්බට් යන මහත්වරු ද සහභාගි වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya