මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුම 6 වන අදියර ඔක්තෝබර් මාසයේ දී

    ජූලි 25, 2014
    දිවි නැගුම ජාතික වැඩසටහනේ ගෙවතු වගා අංශයේ 06 වන අදියර ඔක්තෝබර් 20 දා උදැසන 10.07ට යෙදෙන සුබ මෙහොතින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 
     
    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දිවි නැගුම ජාතික වැඩසටහනේ ගෙවතු වගා අංශයේ 06 වන අදියර පිළිබඳ ව අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු උසස් රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීම සඳහා පසුගියදා මුදල් අමාත්‍යංශයේ ශ‍්‍රවණාගාරයේ පැවති වැඩසටහනක් අමතමිනි. 
     
    2011 වසරේ සිට අදියර 05ක් යටතේ කෘෂි, පශු සම්පත් හා ධීවර අංශය සහ ව්‍යවසාය සංවර්ධන යන අංශයන් ඔස්සේ කි‍්‍රයාවට නැංවූ මෙම ජාතික වැඩපිළිවෙළ ඉතා සාර්ථක ප‍්‍රතිඵල අත්කරගන ඇති බවත්, කෙසේ වෙතත් ගිය වගා කන්නයේ දිවි නැගුම ගෙවතු වගා වැඩසටහන කි‍්‍රයාත්මක නොකිරීම මත එළවළු මිල ඉහළ යාමට හේතු වී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් සඳහන් කළේ දිවි නැගුම ජාතික වැඩසටහනේ ගෙවතු වගා වැඩසටහන කි‍්‍රයාත්මක කළ සිංහල අලුත් අවුරුද්ද, නත්තල් වැනි උත්සව මාසවලදී ද එළවළු මිල ස්ථාවරව පවත්වා ගැනීමට හැකි වු බවත්, ඒ අනුව මෙවර ද 6 වන අදියරේ වගා කන්නය සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත මෙම දිනය තෝරා ගත් බවය. 
     
    මෙවර වගා කන්නයේ දී පවුල් ලක්ෂ 25කට බීජ වර්ග 6කින් යුත් බීජ කට්ටල ලබාදීමටත්, ඒ අතරින් පවුල් ලක්ෂ 14කට රෝපණ මාධ්‍යක පැළ කරන ලද මිරිස් පැළ 03ක් සහ මාළු මිරිස්, තක්කාලි, වම්බටු යන පැළවලින් 2 බැගින් පැළ 9ක් ලබා දීමට ද සැලසුම් කර තිබේ.
     
    අමාත්‍යවරයා සඳහන් කළේ බීජ තවාන් කර සෑදිමේදී ගෙවතු වගා හිමියන්ට සිදුවන අපහසුතා මෙම වැඩසටහන මගින් මග හැරී යන බවය. මෙයට අමතරව පොල් පැළ ලක්ෂ 25ක්, පලතුරු පැළ ලක්ෂ 15ක්, සුළු අපනයන බෝග පැළ ලක්ෂ 10ක්, ඖෂධ පැළ ලක්ෂ 02 සහ ස්ථිර බෝග ලක්ෂ 13ක් ද මෙම අදියර යටතේ බෙදාදීමට නියමිතය.  
     
    පාසල් සහ රජයේ කාර්යාල සඳහා වෙනම ගෙවතු වගා වැඩපිළිවෙළක් මේ යටතේ සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. 
     
    මෙම අවස්ථාවට මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී. ජයසුන්දර, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
     
    DB
     
    MP BRDIVINEGUMA MEETING 1
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya