මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු ෆැසිපික් වෙළෙඳ සංසදයේ ප්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකාවේදී

    ජූලි 25, 2014
    එක්සත් ජාතීන්ගේ ආසියානු ෆැසිපික් ආර්ථික හා සමාජ කොමිසම මගින් පවත්වනු ලබන ආසියානු ෆැසිපික් වෙළෙඳ සංසදයේ එකළොස් වන ප්‍රවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
     
    ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ ආසියානු ෆැසිපික් ආර්ථික හා සමාජ කොමිසමේ ආර්ථික කටයුතු පිළිබඳ නියෝජිත ආචාර්ය මස්තෝ අබේ මහතා අතර ඊයේ (25) ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දී පැවැත්විණි. 
     
    ආසියානු ෆැසිපික් වෙළෙඳ සංසදයේ එකොළොස් වන ප්‍රවර්ධන වැඩසටහන 2014 නොවැම්බර් 24 සිට 27 දක්වා කොළඔ දී පැවැත්වීමට නියමිතය. සාමාජික රටවල් අතර තිරසාර ලෙස වෙළෙඳාම ප්‍රවර්ධනය සඳහා සංසදයක් ලෙස කටයුතු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බව එක්සත් ජාතීන්ගේ ආසියානු ෆැසිපික් ආර්ථික හා සමාජ කොමිසමේ ආර්ථික කටයුතු පිළිබඳ නියෝජිත ආචාර්ය මස්තෝ අබේ මහතා පැවසීය.  
     
    මෙය අග්නිදිග ආසියාවේ පළමුවරට පැවැත්වෙන ආසියානු ෆැසිපික් වෙළෙඳ සංසදයේ පර්යේෂණ වැඩසටහන බවද ආචාර්ය මස්තෝ අබේ මහතා අවධාරණය කළේය. ආසියානු ෆැසිපික් කලාපයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල වෙළෙඳාම ප්‍රවර්ධනය සඳහා ශක්තිමත් වෙළෙඳපොළ තත්ත්වයක් ගොඩනැගීම මෙම සංසදයේ අරමුණයි. රටවල් 53ක සාමාජිකත්වයක් හිමි මෙම සංසදය තුළ නැගී එන ආර්ථික තත්ත්වයන් හිමි රටවල් 9ක් ද ඇතුළත්ය. 
     
    මෙම වැඩසටහන ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ පූර්ණ දායකත්වයෙන් සිදුකිරීමට නියමිත අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා වාණිජ මණඩලය එක්ව සංවිධානය කර ඇත. 
     
    මෙම සාකච්ජාව සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ  සභාපති භාෂ්වර සේනාංක ගුණරත්තන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වුහ. 
     
    DB
     
    MP BR ASIAN PACIPIC
     
     
    MP BR ASIAN PACIPIC 1
     
    MP BR ASIAN PACIPIC 1 2
     
    MP BR ASIAN PACIPIC 1 33
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya