මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘමිනාශක ආනයන බලපත්‍ර ගාස්තුව ඉහළට

    ජූලි 25, 2014
    කෘමිනාශක ආනයන බලපත්‍ර සඳහා වු රුපියල් 8000ක ගාස්තුව රුපියල් 100,000ක් දක්වා ඉහළ දැමීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇත. මීට අමතර ව බලපත්‍ර ලබාදුන් පසු ව ගබඩා කිරීමේ හා බෙදාහැරීමේ පහසුකම් ද විමසීමට කටයුතු යොදා ඇත.
     
    කෘමිනාශක ආනයනය අතරතුර දී රුපියල් 1000ක් ගෙවා කෘමිනාශක ලියාපදිංචි කාර්යාංශයෙන් විශේෂ බලපත්‍රයක් ලබාගත යුතුය. කෘමිනාශක ලියාපදිංචියේ දී ක්ෂේත්‍ර ඇගැයුම් වාර්තාවක් අනිවාර්ය කොට ඇත.
     
    අමාත්‍යංශය විසින් කෘමිනාශක භාවිතය පිළිබඳ දිස්ත්‍රික් හා කලාපීය මට්ටමින් පසු විමසුම් පද්ධතියක් පිහිටුවනු ලැබේ. එය ලබන වසරේ දී ක්‍රියාත්මක කෙරේ.
     
    මහජන සෞඛ්‍ය හා පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණින් කෘමිනාශක පාලනය කිරීමේ අරමුණින් අමාත්‍යංශය විසින් මෙම පියවර ගෙන ඇත. 
     
    ස්වාභාවික ක්‍රම මගින් භූමියේ හෝ මිනිසා හෝ හානියට පත් නොවිණි. 2020 වන විට කෘමිනාශක පාලනයක් ඇති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය අපේක්ෂා කරයි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya