මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස. (සා.පෙ.) දෙමළ හා සිංහල සමත් වූ රාජ්‍ය නිලධාරීන්ගේ වාචික පරීක්ෂණයට අයදුම්පත් කැඳවයි

    ජූලි 27, 2014


    අ.පො.ස. (සා.පෙ.) විභාගයේ දෙවන බස දෙමළ හා සිංහල භාෂාව සමත් වූ රාජ්‍ය නිලධාරීන් සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන වාචික පරීක්ෂණයට අයදුම්පත් කැඳවනු ලැබේ.

    ඒ අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 01/2014 අනුව අ.පො.ස. (සා.පෙ.) විභාගයේ දෙවන භාෂාවක් ලෙස දෙමළ (විෂය අංකය 65) හා සිංහල (විෂය අංකය 64) සමත්වන රජයේ නිලධාරීන් ප්‍රවීණතා මට්ටම් 4ක් යටතේ පවත්වන රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාගයේ ලිඛිත  පරීක්ෂණයෙන් නිදහස් කර ඇත. එම නිලධාරීන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් පවත්වන ස්වකීය තනතුරට අදාළ වන වාචික පරීක්ෂණයෙන් සමත් විය යුතුය.

    මේ සඳහා අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2014.08.25 දින බවත්, අදාළ විස්තර 2014.07.25 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බවත් රාජ්‍ය භාෂා කොමසාරිස් දන්වා සිටී. 


    ECB/RU_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya